අරලියගහ මන්දිරය සහ ගාලුමුවදොර ප්රදේශයේදී ඉකුත් (9) ඇති වූ ප්රචණ්ඩකාරී සිද්ධිය සහ එයට මුල් වූ හේතු සම්බන්ධයෙන් හිටපු අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (25) පැය තුනක් ප්රකාශයක් ලබාගෙන ඇතැයි දන්වා තිබේ.
කොළඹ විශේෂ ස්ථානයකදී මෙම ප්රකාශය ලබා ගත් බව පොලිස් ආරංචි මාර්ග පවසා තිබුණත් ඒ කොහි සිටදැයි හෙළි කර නැත.
මේ දිනවල ජනතා ප්රහාර එල්ලවේ යයි සැකයෙන් හිටපු අගමැතිවරයා ආරක්ෂිතව කල්ගත කරන බවට වාර්තා පළවන අතර ඔහු මැයි 09 දින සාමකාමී අරගලකරුවන්ට විරෝධයට පිරිස් පොළඹවා පසුව සවස ඉල්ලා අස්වූ බවට චෝදනා පවතී.
කෙසේ වෙතත් මෙම සිද්ධිය සම්බන්ධ පරීක්ෂණ පවත්වන නිලධාරීන් පහළ මට්ටමේ පිරිසක් අත්අඩංගුවට ගත් නමුත් ජොන්ස්ටන් මහින්ද වැනි සෘජුවම චෝදනා ලද අය ප්රශ්න කර අතහැරීමේ ප්රයත්නයක නිරතවන බවට චෝදනා පවතී. මේ හේතුවෙන් ඊයේ අධිකරණ භූමිය ආසන්නයේ විරෝධයක්ද පැවතිණි.
ආර්ථික පීඩනයට අමතරව නීතිය සාධාරණව ඉෂ්ඨ නොවීම වෙනුවෙන්ද දැන් අරගල කරුවෝ සටන් කරති.
0 Comments