mahinda-deshapriya-speaks

මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා ශ්‍රි ලංකා පරිපාලන සේවයේ නිළධාරීන් කරගෙන යන අරගලය සමඟ එකතුවෙමින් එහිදී මාධ්‍යවෙදීන් ඇසු පැනයකට පිළිතුරු දෙමින් වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපයට එරෙහිව සිය අදහස් මෙසේ ප්‍රකාශ කර තිබුනා.





" මේ අද ශ්‍රි ලංකා පරිපාලන සේවයේ නිළධාරීන් ඔක්කොම ඇවිල්ලා මේක කරන්නේ වෙන මොහොකටවත් නෙමෙයි ජනතාවට තියන ප්‍රශ්නය සම්බන්ධයෙන් දැනුවත් කිරීමට වෙන අරගලයට සම්බන්ධ වෙන්න. හැමෝම ඉල්ලන්නේ මේ ක්‍රමය වෙනස් වෙන්න ඕනේ කියලා.. 1978 ඉඳලා අපේ රටේ තියන එකාධිපති ක්‍රමය වන විධායක ජනාධිපති ක්‍රමය සම්බන්ධයෙන් රටේ අවුලක් තිබුනා. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ හැසිරීම සම්බන්ධයෙන් අවුලක් තිබුනා.. ඒ ඔක්කොම පුපුරලා ගියා මේ අර්බුදය මැද්දේ.. මේක මේ ආර්ථීක අර්බුදය විතරක් විසඳලා කරනන් පුළුවන් දෙයක් නෙමෙයි.. සමහරු අහනවා මෙහෙම යන්න කියනන් පුළුවන්ද එන්න කියපු අයට කියලා..

නමුත් එක තමයි Right to Recall කියන අයිතිය.. එක අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් වුනොත් එක නිල වශයෙන්ම ගන්න පුළුවන් ආපසු කැඳවීමේ බලය.. ප්‍රංශයේ දාර්ශනිකයෙක් කියුව කතාවක් තියනවා..අපි යම් කාලයකට ඔවුන් පත් කරාට පස්සේ ඔවුන් ඒ අවුරුදු 5 තුළ අපට සිද්ධ වෙන්නේ ඔවුන් කියන බොරු අහන් ඉන්නයි, කියවාරු අහන් ඉන්නයි, රැවටෙන්නයි කියලා.."