mahinda-navy-base-trinco

කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ හෙලිකොප්ටරයකාන් ගුවන්ගත වූ මහින්ද රාජපක්ෂ නැගෙනහිර පළාතේ නොදන්නා ඉසව්වකට ගිය බවට ඊයේ වාර්තා පළව තිබූ අතැ පසුව වාර්තා වූයේ ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේ මහින්ද ඇතුළු පවුලේ අය රැඳී සිටින බවයි. ඒ අනුව එම පරිශ්‍රයේ උද්ඝෝෂණද ඇති විය.


ගුවන් හමුදාව ප්‍රකාශ කළේ හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතාට ගමන් කිරීමට හෙලිකොප්ටරයක් ලබාදුන් කතාව සත්‍ය බවයි.
ජනාධිපතිවරයා ගේ ඉල්ලීමක් මත ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතියට යටත්ව මෙම හෙලිකොප්ටරය ලබාදුන් බව ගුවන් හමුදා ප්‍රකාශකයෙකු සඳහන් කර තිබුණි.
පසුව මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්‍ෂාව සඳහා ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුර වෙත රැගෙන ගිය බව නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න අද (11) පස්වරුවේ තහවුරු කළේය.
අරලියගහ මන්දිරය අසළ ඇතිවූ සිදුවීමත් සමඟ හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා එහි රැඳීසිටීම සුදුසු නොවන බවත් ඔහුගේ ආරක්ෂාවට ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුර වෙත රැගෙන ගිය බවත් ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා ද සඳහන් කළේය.
මෙලෙස ඔවුන් තාවකාලිකව රැගෙන ගිය බවත් පවතින තත්ත්වය යහපත් වූ පසුව ඔහු කැමති ස්ථානයකට පිටත් කර හරින බවත් අද පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ආරක්‍ෂක ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.