maina-go-gama-police

අග්‍රාමාත්‍යවරයා ට ධුරයෙන් ඉවත්වන ලෙස බලකරමින් අරලිය ගහ මන්දිරය ඉදිරිපිට ‘මයිනාගෝගම‘ යයි නම් කරමින් පසුගිය 26 වැනිදා සිට දින 4  ක් තිස්සේ සිදුකරගෙන යන විරෝධතාවේ නිරත

කන්ඩායම් රැඳී සිටි අට්ටාලය අද (1) අළුයම පොලිසිය කඩා ඉවත් කර ඇත.
පාන්දර එම ස්ථානයේ රැඳී සිටි පිරිස අවමවූ අවස්ථාවේ මෙම කඩාදැමීම සිදුකර ඇති බවද දැනගන්නට ලැබේ.
මෙම අරගල ස්ථානය පිහිටුවීමට එරෙහි බාධක ගණනාවක් මින් ඉහත වාර්තා විය.


26වැනිදාට පෙරදින රාත්‍රී පදික වේදිකාවේ බස් රථ හා ට්‍රක් රථ ගාල් කිරීම
27 වැනිදා රාත්‍රී බස් රථ ආපස්සට ගමන් කරවමින් පිරිසක් යට කිරීමට උත්සාහ ගැනීම
පොලීසියෙන් විරෝධතා කරුවන් ඉවත්කිරීමට අධිකරණ නියෝගයක් ලබාගැනීමට උත්සාහ කිරීම හා එය නොලැබ යාම
මහ හඩකින් පිරිත් සජ්ජායනයක් වාදනය කරවමින් විරෝධතා හඩ යටපත් කරවන්නට කටයුතු කිරීම
29 වනදා දහව්ල පැමිණ අට්ටාල ගලවා ඉවත් කිරීමට උත්සාහ ගැනීම නිසා පොලිසිය  විරෝධතාකරුවන් සමග ගැටුමකට ගොස් අයෙකුතුවාල ලැබීම

මින් ඉහත වාර්තා විය.

කෙසේ වෙතත් රැඳී සිටින පිරිස් අඩුවන වේලාවක් බලා ස්ථාපනය කරන ලද අරගලභූමියේ අට්ටාල අද අලුයම් කාලයේදී පොලීසියෙන් ඉවත් කර තිබේ.
විරෝධතා කරුවන් මේවනවිට අරලිගහ මන්දිරය ඉදිරිපිට මාර්ගයේ  මැද සිට කොළඹ දෙසට මං තීරුවේ විරෝධතා පළකරමින් රැඳී සිටී.