may-day-maithripala

පවතින තත්වය සලකා මැයි දින සැමරුමක් මෙවර පොදුජන පෙරමුණ පවත්වන්නේ නැති බව අමාත්‍ය දිලුම් අමුනුගම සඳහන් කර තිබේ. කෙසේ වෙතත් මැයි දිනය යොදාගෙන වෘත්තීය සමිති රැස්වීමක් නුගේගොඩදී අද (1) ගාමිණී ලොකුගේ හා දිනේෂ් ගුණවර්ධන යන අයගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර ඊට පොදුජන පෙරමුණේ වෘත්තීය සමිති සහභාගි වන බව දන්වා ඇත.


ශ්‍රීලනිප දිස්ත්‍රික් මට්ටමින් මැයිදින රැලි පවත්වන අතර පොළොන්නරුවේ රැලිය හිටපු ජනපති හා වත්මන් ශ්‍රීලනිප සභාපති ප්‍රමුඛත්වයෙන් පෙළපාලියක් පැවැත්විණි.
එජාපය වෙනුවෙන් ජාතික සේවක සංගමය නව නගර ශාළාවේදී මැයි දින රැස්වීමක් පැවැත්විණි.
සජබ මැයි පෙලපාලිය සවස බොරැල්ල කැම්බල්පිටියේ සිට ඇරඹී පසුව රැස්වීම කොළඹ නගර සභා ක්‍රීඩා පිටියේදී පැවැත්වේ.


ජාතික ජන බලවේගය මාලිගාවත්තේ සිට පෙලපාලිය සවස ඇරඹී කොළඹ කොටුව දක්වා ගමන් කරනු ඇත.
පෙරටුගාමී සමාජවාදී පක්ෂය මැයිදින රැළිය විහාරමහාදේවී උද්‍යානයේත් ජාතික නිදහස් පෙරමුණ සිය මැයිදින රැළිය බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේත් පවත්වනු ඇත.