නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා සමාජ මාධ්‍යට විඩියෝවක් මුදා හරිමින් පසුගියදා සිදු වු ගැටුම සම්බන්ධයෙන් මහින්ද සහ ජොන්ස්ටන්ව අත්අඩංගුවට ගන්නැයි ඉල්ලා සිටිමින් මෙලෙස සිය අදහස් ප්‍රකාශ කර තිබුනා.
රටම ඉතාමත් තීරණාත්මක අවස්ථාවකට එළඹ ඇති මේ මොහොතේ මම අමතන්නේ විශේෂයෙන් නීතිපතිවරයාට සහ පොලිස්පතිවරයාට.. නීතිපතිට මං මේ කතා කරන්නේ සංජය රාජරත්නම්ට. ඔබට ලොකු වගකීමක් මේ මොහොතේ, අරලියගහ මන්දිරයේ දැන් එතන ටෙලි පැඩ් එක operate කරන කෙනා ප්‍රතික්ෂේප කරලා තියෙනවා මට ලැබුණු ආරංචි වලට අනුව. ඒ අතර වටකරලා තියෙනවා මං හිතන්නේ තරුණන් තව දහස් ගාණක් ඉන්නවා එලියට එන්න දෙන්නෙ නැතිව. ඒ වගේම ඇතුලේ prisons ලා ගොඩක් ඉන්නවා කියලා අනිත් පැත්තට පහර දෙන්න. මං මේ කතා කරන්නේ සංජය රාජරත්නම්ට වහාම නීතිය බල ගන්වන්න.. ඔබට තියෙනවා ලොකු වගකීමක් කෙලින්ම පොලිස්පතිවරයාට කතා කරන්න. වහාම ඊයේ ඔතන මේ අරගලය අපේ මේ කිසිදු ප්රචණ්ඩත්වයකින් තොරව අරගල භූමියේ හිටපු තරුණ තරුණියන්ට පහර දීපු සියලු දෙනාවම සංවිධානය කරපු අය අත්අඩංගුවට ගන්න. මම මේ කතා කරන්නේ ඉතාම වගකීමකින්..
ඒක ක්‍රියාත්මක කිරීමේ බලය ඔබ දෙන්න ඕනේ වහාම පොලිස්පතිවරයාට.. පොලිස්පතිවරයා දැන් පොලිස් කාලා ඉවරයි.. පොලිස්පතිවරයා පොලිස් දෙපාර්තමේන්තුවට තිබුණු කීර්තිනාමය සම්පූර්ණයෙන්ම විනාශ කරා.. ඒ නිසා ඔබ පොලිස් දෙපාර්තමේන්තුවේ ඔය වැඩේ කරන්න පුළුවන් අයට මම ඊයෙ රෑ පොලිස්පතිවරයාට වහාම දැනුම් දීමක් කළා මේකට සම්පූර්ණ වගකීම ගන්න ඕන ඔහු.. පොලිස්පතිවරයාට එරෙහිව මම පොලිසියට මම ඊයේ පැමිණිල්ල කළේ. මේ සම්බන්ධව ඔබ රටේ නීතිපතිවරයා හැටියට ඔබ තමයි මේකෙ අධිචෝදනා මත මොවුන්ට නඩු පැවරීමේ බලය පැවරී ඇති රාජ්‍ය නිලධාරියා... ඔබට කිසිසේත්ම දේශපාලන අධිකාරියත් එක්ක ගනුදෙනුවක් නෑ. ඔබ දන්නවා ශ්‍රේෂ්ඨාධිකරණය පුනපුනා ඔබට කියලා තියනවා ඔබේ වගකීම.. ජනතාවගේ පරමාධිකාරී බලය ආරක්ෂා කිරීම හා ජනතාවගේ මූලික අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම.. දේශපාලන අධිකාරිය දැන් දණ ගහලා තියෙන අවස්ථාවක් කරුණාකරලා මම සංජය රාජරත්නම්ට කියනවා නීතිය වහාම ක්‍රියාත්මක කරන්න. මේ අය අත්අඩංගුවට ගැනීම සඳහා ඔබ නියෝග කරන්න.. මොකද මෙතන කොයි මොහොතේ හරි නැත්නම් මෙතන සටනක් ඇති වෙනවා.. අපරාදේ මේ තරුණ තරුණියෝ දෙදාහක් විතර ඉන්නවා කියලා මට දැන් තොරතුරු ලැබිලා තියෙනවා. මම ජනාධිපති නීතිඥයටත් කතා කළා. ඔහුත් දැන් ඔබට කතා කරයි.. වහාම මම ඔබට මේක ලිඛිතව දැනුම් දෙනවා..
මං මේ ඉන්න තරුණ තරුණියන්ට කියනවා මේක අපි වහාම ඉවර කරන්න ඕනේ. අපි දැන් මේ වෙච්ච දේ මේකට තනිකර වගකියන්න ඕන මහින්ද රාජපක්ෂ සහ ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු පොලිස් දෙපාර්තමේන්තුව සම්පූර්ණ වගකීම ගන්න ඕනේ මේ සිදුවීම සම්බන්ධයෙන්. ඔවුන්ට අපෙන් කිසිසේත් සමාවක් ලැබෙන්නේ නැහැ .නමුත් පොලිස් දෙපාර්තමේන්තුව මේ වෙලාවේ වැඩ කරන්නේ තවමත් අපරාධකරුවන්ගේ නියෝග වලට. මම සංජය රාජරත්නම්ට මේ අවස්ථාව ඉතා අවධාරණය කරනවා වහාම නීතිය ක්‍රියාත්මක කරන්න. කාට උනත් ඔබට අදාල නෑ ඒක නාගානන්ද වෙන්න පුළුවන් ඕන කෙනෙක්ට වරදකරුවෙක් ඉන්නවනම් වරදට ඔබ නීති ක්‍රියාත්මක කරන්න. මං මේකට ඉදිරිපත් වෙනවා කොයි මොහොතෙ හරි මොකද මේක අපිට බලාගෙන ඉන්න බෑ. මේ වෙච්ච දේවල් වලට අපේ රටේ කීර්තිනාමය සම්පූර්ණම නැති කරලා ඒ වගේම මේ රටේ අද අපිට කන්න බොන්න නෑනේ ඇත්තම කියනවනම් කඩේට අපිට බඩු ඇත්තෙත් නෑ ඒව තමයි රාජපක්ෂලා අපිට දීපු තෑගි.. රට කාලා විනාශ කරලා තවමත් ඒ ගොන් වැඩේ ඊයේ කලා.
දැන දැන උසි ගන්වලා ඒ කරපු අපරාධය අපි දැක්කා.. ඒක දැක්ක ඕන කෙනෙක්ගේ ඇඟේ ලේ උතුරවා කියන එක මම හොඳටම දන්නවා. ඒකට මට ඔවුන්ට දොස් කියන්න බැහැ. ඒ වගේ අවස්ථාවක පුරවැසියෝ එහෙම හැසිරීම ගැන සම්පූර්ණ වගකීම ගන්න මහින්ද රාජපක්ෂ. එකට අයිත් කිසිම සමාවක් නැහැ. ඔබට තියෙනවා සංජය රාජරත්නම් නීතිපති හැටියට වගකීමකින් කටයුතු කරන්න. වහාම නීතිය බල ගන්වන්න. ඒක නොකළොත් ඔබටත් එරෙහිව අධිකරණය යම් ඉදිරියේදී ඔබට මුහුණ දෙන්න වෙනවා. ඒක නිසා මේකට සෘජුවම ඔබේ වගකීම ඉෂ්ට කරන්න. මේකට මැදිහත් වෙන්න නාගහනන්ද ඕනම අවස්ථාවක සූදානම්.. මම දැන් සරත් ෆොන්සේකාට කතා කළා. ඔහුත් මේකට ඉදිරිපත් වෙනවා නම් මං මේකට ඉදිරිපත් වෙනවා. ඔය කට්ටිය අපිට ඉවත් කරගන්න පුළුවන් හැබැයි ඔබට තියෙන වගකීමක් එතනට ගෙනල්ලා තියෙනවා නම් හිරකරුවෝ මේ අරගලකරුවන්ට පහර දෙන්න ගෙනල්ලා තියෙනවා කියලා මට ආරංචියක් ආවා කියලා..ඒ කට්ටියත් අත්අඩංගුවට ගන්න ඕන.. ඔබ ඔබේ වගකීම් ඉෂ්ට කරන්න ජන රජයේ නීතිපතිවරයා මිසක් ඔබ දේශපාලන අධිකාරියේ නීතිපතිවරයා නොවන බව පසුගිය දෙසැම්බර් පළවෙනිදා ශ්‍රේෂ්ඨාධිකරණය ඉතා පැහැදිලි නියෝගයක් දුන්නා ඔබට එරෙහිව..
ඉතින් ඔබ එම පුද්ගලයන්ව අත්අඩංගුවට නොගත්තොත් ඔබට ඔන්න මං දැන් ප්රකාශිතව දැනුම් දුන්නා මම දැන් ලිඛිතව දැනුම් දෙනවා තව ස්වල්ප වේලාවකින් ඒ වගේම ඊයේ රෑත් මම දැනුම් දුන්නා නීතිපතිවරයාට ඔහුගේ වගකීම ඉෂ්ට කරන්න කියලා.. අපේ මේ තරුණ ප්‍රජාව ඊයේ කරපු හානිය අතිවිශාලයි. ඒක මම හොඳටම දන්නවා.. නමුත් එකට දොස් කියන්න බැහැ. රටේ security establishment මේ රටේ මේ තත්ත්වයට ජනතාව පත් කිරීම සම්පූර්ණ වගකීම ගන්න ඕනේ දැන් බොරුවට curfew දාලා දැන් බොරුවට කතා කරලා නිහඬ වෙන්න කියලා තකතීරු කතා කියලා වැඩක් නෑ ගොන් ඔලමොට්ටල වැඩ කරලා දැන් රටේ ජනතාවට ඒකෙ වගකීම පවරන්න උත්සාහ කරන්න එපා.. ඔබලා සියළු දෙනාම ඔබේ රටේ මාතෘ භූමිය කීර්තිනාමය බල්ලට දාලා මේ කරපු දේවල් වලට ඔබ ඔක්කොම වගකීම ගන්න ඕනේ. මේ සියලු දෙනාටම වගකීමක් තියනවා මේ අවස්ථාවේදී තමන්ගේ ඒ තත්වෙට රටේ ජනතාව පත් කිරීමේ සම්පූර්ණ වගකීම පැවරෙන්නේ ඔබට.. ආයිත් ඔබට ඒක අතරමග නතර කරන්න බෑ. නැවතත් මතක් කර දේශබන්දු තෙන්නකෝන්ට ඔබල මේකෙ සම්පූර්ණ වගකීම ගන්න ඕනේ.. මේ ඔබ කරපු අපරාදේ එසේ මෙසේ දෙයක් නෙමෙයි. ඒ වගේම පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට කියනවා රටේ නීති ආධිපත්‍යට ගරු කරලා තමන්ගේ ආත්මගරුත්වය ආරක්ෂා කරගෙන දෙපාර්තමේන්තුව කීර්තිනාමය ආරක්ෂා කිරීමට කැමති නිලධාරීන් ඕන තරම් ඉන්නවා මට රෑට කතා කරනවා ඒ අය. මම ඔවුන්ට කියනවා බය නැතුව නීතියේ ආධිපත්‍ය වෙනුවෙන් ඔබ පෙනී හිටින්න, කිසිම දේශපාලඥයෙකු ට කඩේ යන්න එපා.
ඒ වගේම ආරක්ෂක හමුදාවෙ සියලුම දෙනාටම කියනවා ඔබේ වගකීම ඔබට පඩි ගෙවන්නනේ මහින්ද රාජපක්ෂ නෙමෙයි ඔබට පඩි ගෙවන්නේ ගෝඨාභය රාජපක්ෂ නෙමෙයි.. ඒ නිසා මම කියනවා ආරක්ෂක හමුදාව හා පොලිසිය සියලු දෙනාටම මේ ඔබ වෙනුවෙන් ඔබට වගකීමක් තියනවා. අපි මේ අරගලේ ඉන්න හැමෝටම කියන්නේ කිසිම වෙලාවක ප්‍රචණ්ඩත්වයට යන්න එපා මොවුන් ප්‍රචණ්ඩත්වයට තල්ලු කලේ ඔබ.. කවුද මේ ආරක්ෂක මණ්ඩලය. තුට්ටු දෙකේ ආරක්ෂක මණ්ඩලය. මම එ හින්දා කියනවා පොලිස් දෙපාර්තමේන්තුවේ ඉන්න කීර්තිමත් නිලධාරීන්ට වගකීමක් ගන්න. ඔබටත් තියනවා වගකීමක් ගන්න. මේ නාගහනන්ද එහෙම තමයි. අපි ඇවිල්ල ජනතාවගේ බදු මුදලින් පඩි ගන්න නිලධාරින් හැටියට අපි ප්‍රතිඥාවක් දීලා තියෙනවා රටේ ජනතාවට ජනතාවගේ මූලික අයිතිවාසිකම් හා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ඒ වගේම ජනතාවගේ පරමාධිකාරී බලයට ගරු කිරීමට. අන්න ඒක ඉෂ්ට කරන්න කියලා මම පොලිස් දෙපාර්තමේන්තුවේ ඉන්න අය ඉල්ලා සිටිනවා.. ඔබට තවදුරටත් මේ දේශපාලන අධිකාරිය කියන එක මේ රටේ ඊයෙ ඔප්පු කලා තනිකරම ඔවුන් පෙනී හිටින්නේ කුමන්ත්රණකාරී මේක ඇවිල්ල මාෆියා එකක්..
අපරාධකරුවන්ගේ සංවිධානයක්. ඒකෙ කිසි කෙනෙක් ආරක්ෂා කරන්න එපා. ඔබේ වගකීම ඉෂ්ට කරන්න හමුදා නිලධාරින්ටත් කියනවා ඉහළ ඉඳන් පහළ ඉන්න හැම දෙනාටම මම කියනවා තවදුරටත් මේ වැඩේට ඉඩ දෙන්න එපා.. දැන්වත් නිර්භයව එඩිතරව ඉදිරියට එන්න.. අධිකරණයේ ඉතුරු ටික බලා ගනියි.. ජනතාව දැන් ඉතාම අසරණ තත්වයකට පත්වෙලා තියෙන්නේ. අපිට ආහාර මොනවත් නැතුව කිසිම අවශ්‍ය කරන මූලික අවශ්‍යතා අපිට ඔක්කොම නැති කලේ මේ අපරාධකාරයෝ 225 කියන එක රටේ ජනතාව දැන් තේරුම් අරගෙන ඉවරයි. ඔක්කොම දේවල් සිද්ධ වුණේ. මේ සමනය කිරීමේ වගකීමක් තියෙන්නේ අපිට.. මේ මොහොතේ අපේ වගකීම් ඉෂ්ට කරමු. මේ බරපතළ අපරාධයට වගකිව යුතු සියලු දෙනාටම රටේ නීති ආධිපත්‍ය හරියටම බලගැන්වීමේ වගකීම තියෙන්නේ අපිට නීතිඥයින් හැටියට.. එතන අපිට වැඩක් නෑ දේශපාලන පක්ෂ පාට මොනවත් වැඩක් නෑ. අපි පෙනී හිටමු මේ රටේ ජනතාවගේ අධිකාරී බලය ආරක්ෂා කරන නීතියේ ආධිපත්‍ය සෘජුවම බලගන්වන නීතීඥයින් හැටියට.
0 Comments