මීගමුව ප්‍රදේශයේ පිහිටි සිංහල කථාකරන ජර්මන් පවුලක් වාසය කළ සුඛොපභෝගී නිවසක් 9 වනදා කිසියම් පිරිසක් විසින් කොල්ල කා ගිනි තබනු ලැබූ බවට ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ඔස්සේ පුවත් පළවිය.
මෙහිදී අදාළ කාන්තාව හා පිරිමියා සිදුවූ විපත ගැන පළ කළ හද කම්පා කරවන විස්තරය සත්‍ය විය හැකි නමුත් ඔවුන් සපයා ඇති ඇතැම් තොරතුරු සත්‍ය නොවන බවට මේ වනවිට කරුණු පළවෙමින් පවතී.
තමා ජර්මන් ජාතිකයෙකු බව දක්වමින් කාන්තාවක මෙහිදී සදහන් කර සිටියේ මෙම සිද්ධියෙන් තම නිවසේ සියලු බඩු මුට්ටු සහ ඇඳුම් පැළදුම් මෙන්ම දරු දෙදෙනාගේ පොත්පත් ද විනාශ වී ඇති බවයි.
තමන් කිසිදු දේශපාලන පක්ෂයකට වැඩ නොකළ බවත්, නිවෙසට ගිනි තබා බඩුමුට්ටු කොල්ලකෑම සිදුකළේ කුමන පදනමක් මත දැයි තමන්ට ගැටලුවක් බවත් ඇය කියා සිටියාය.
තමන් මේ රටට ආදරය කරනබවත්, කිසිදු අවස්ථාවක මේ රට දමා නොයන බවත් උද්ඝෝෂණ සදහා සහයෝගය දක්වන බවත් ඇය කියා සිටියාය.
නමුත් මෙම පුවත පළවීමෙන් පසු විවිධ අය දැක්වූ අදහස් අනුව ඇය ජර්මානු ජාතික කාන්තාවක නොවන අතර මහනුවර උපතලද සිංහල කාන්තාවකි. සමහරු පවසන්නේ ශ්‍රී ලාංකික ජර්මන් පුරවැසිකම සහිත පවුලක් පමණක් බවයි.
මෙම ගෙයිහි හිමිකරුවන් ඔවුන් නොවන අතර ඔවුන් සිටියේ බදු පනමකිනි. හිමිකරු ලෙස සැලකෙන්නේ එදිනම රාත්‍රී ඇවෙන්රා ගාර්ඩ්න් හෝටලයට යාබද ගිනිගත් වාහන අංගනය හිමි ව්‍යාපාරිකයාට බවද පැවසේ.
මීගමුවේ ලන්සාලාට සබඳතම් ඇති ‘කුඩු සල්ලි වලින්‘ ධන පතියෙක් වූ අයෙකු ලෙස ඔහු ගැන ඇතැමුන් හඳුන්වා තිබේ.
මෙම යුවළ කවර රැකියාවක්කරන්නේද යන්න ගැනද විවිධ මත පළවේ. ඇතැමුන් පවසා ඇත්තේ පිරිමියා දේවගැති වරයෙක් බවයි. කෙසේ වෙතත් අධික කුලියක් ගෙවමින් මෙවැනි නිවසක වාසය කිරීමට තරම් ධනයක් දේවගැතිවරයෙකුට පැවතීම ගැනද සමහරු සැකකර තිබේ.
‘මේක තනිකරම රගපෑමක්. මේ නිවස Avenra අයිති දනේශ්ගෙ නිවසක්.
වස්ති එකේ මහගෙදර වීඩියෝ එකත් මේ ගෙදර කරල තියනව. මේ අය සමහර විට කුලියට හිටියද දන්නෙ නෑ. හැබැයි කියන්නෙ මේ අපේ ගේ කියල. මෙච්චර හොද ගෙයක් ගිනි ගත්තම අයිතිකාරයන්‍ට මේ තරම් සැහැල්ලුවෙන් කතා කරන්න පුලුවන්ද. ගිනි තියපු අය එක්ක තරහකුත් නෑ ලු. මුන් හිතන් ඉන්නෙ මිනිස්සු ඒ තරම් මෝඩයි කියල. ‘
එක් අයෙකු අදහස් දක්වා තිබේ.
‘මුන් බොරු ෆැමිලි එකක් එන්ජීඕ සල්ලි එනව මුන්ට. මිනිස්සුන්ගෙ කාර් රෙන්ට් එකට අරගෙන පැනල යන කට්ටියක්. කලින් හිටියෙ පානදුරේ නල්ලරුවේ. රෙන්ට් එකට බඩුත් එක්ක ගෙවල් ගන්නේ..පස්සෙ රෙන්ට් එක පේ නොකර පැනල යනවා. ‘ අයෙකු පවසා තිබේ
කෙසේ වෙතත් ඔවුන්ට සිදුවූ විපත්තිය මෙහිදී සාධාරණ නැත. විශේෂයෙන්ම කුඩා දරුවන්ගේ දේසොරකම් කරගෙන යාම ඔවුන්ගේ ජීවිත කාලයටම වේදනාවක් විය හැකිය. අරගලය මර්දනයට ආ ප්‍රචණ්ඩත්වයෙන් අයුතු ප්‍රයෝජන ගත් අවස්ථාවක් ලෙස මෙම හිංසනය සැලකේ.
0 Comments