11.45
11.45AM
ඡන්ද විමසීම අනුව නියෝජ්‍ය කතානායක ලෙස අජිත් රාජපක්ෂ මන්ත්‍රීවරයා ඡන්ද 109 ක්ද රෝහිණී කවිරත්න 78 ක්ද ලබාගත්තේය. ප්රතික්ෂේපවූ ඡන්ද ගණන 23 කි. ඒ අනුව අද දින නියෝජ්‍ය කතානායක ලෙස ආණ්ඩු පක්ෂය යෝජනා කළ අජිත් රාජපක්ෂ මන්ත්‍රීවරයා තේරී පත්විය.
10.30AM
අද (17) පාර්ලිමේන්තු රැස්වීම ආරම්භයේදී නියෝජ්‍ය නායක තනතුර පුරප්පාඩුවී ඇති බැවින් එය සම්පූරණ කිරීමට අවශ්‍ය බව කතානායක දන්වා සිටි අතර ඒ සදහා රෝහිණී කවිරත්න මහත්මියගේ නම විපක්ෂ නායක සජිත් යෝජනා කළ පසුව ජිඑල් පීරිස් මහතා, අජිත් රාජපක්ෂ නම යෝජනා කළේය.නියෝජ්‍ය කතානායක තනතුරට කාන්තාවක සුදුසු බවට අගමැති රනිල් කියා සිටි නමුත් නම් දෙකක් යෝජනාවීම නිසා
මේ වෙනුවෙන් නැවතත් පසුගිය වර පැවති ආකාරයට මැනුවල් ක්රමයටඡන්දයක් පැවැත්වීමට කතානායක තීරණය කළේය.
පැය එකහමාරක් පමණ පාර්ලිමේන්තු කාලය නාස්ති කරමින් අර්ථයක් නැතිව ඡන්ද විමසීමක් සිදුකිරීමට යාම වළක්වා මෙය නතර කරන්නැයි බොහෝ අය ඉල්ලා සිටියද කතානායකවරයා එසේ කළ නොහැකි බව කී අතර අවශ්‍ය නම් යෝජනා කළ අය නම් ඉවත්කරන්නේ නම් කළ හැකි යයි කියා සිටියේය. නමුත් කිසිවෙකුගේ නමක් ඉවත් කරේ නැත.විමල් වීරවංශ,මෛත්‍රිපාල සිරිසේන නැගිට කියා සිටියේ මෙම ඡන්ද විමසීම අවශ්‍ය නැති බවත් නතර නොකරන්නේ නම් තම පක්ෂ ඊට ඡන්ද කටුගා දමන බවයි.
කතානායකවරයාටද ඡන්ද විමසීමේ අවශ්‍යතාව තදින් පැවති අතර මේ නිසා මේ වනවිට නියෝජ්‍ය කතානායක වෙනුවෙන් රෝහිණී හා අජිත් මන්ත්‍රීවරුන් වෙනුවෙන් පාර්ලිමේන්තු කාලය නාස්ති කරමින් ඡන්දයක් පැවැත්වේ.
මින් ඉහත නියෝජ්‍ය කතානායක තේරීම වෙනුවෙන් රංජිත් සියඹලාපිටිය තේරීමට මේ ආකාර ඡන්ද විමසීමක් පැවැත්වුවද ඔහු පසුදාම ඉල්ලා අස්වූ නිසා එම කාලය නිෂ්ඵල විය.
0 Comments