parliament-proposal-rejected

රටේ ඇතිවූ කළහකාරී සහ ප්‍රචණ්ඩකාරී සිදුවීම්වලින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දේපළ අලාබ හානි ගැන පාර්ලිමේන්තුවේදී වෙන් වෙන් වශයෙන් කතා කිරීමට ස්ථාවර නියෝග අනුව අවස්ථාව ලබා නොදිය යුතු බවත් රටේ ජනතාවට ඇතිව තිබෙන ප්‍රශ්න ගැනත් ජනපතිට එරෙහිව අප්‍රසාද යෝජනාව කතා කිරීමට ඉඩ සලසන ලෙසත් ඉල්ලා සුමන්තිරන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා යෝජනාවක් කළ අතර එයට දිනේෂ් ගුණවර්ධන මහතා විරුද්ධ විය.




ජනපතිවරයාට අප්‍රසාදය පළකිරීමේ යෝජනාව විවාදයට ගැනීමද මෙමගින් පමා කිරීමට හැකි නිසා දිනේෂ් ගුණවර්ධන තර්ක ගොනු කළේය. ඒ අනුව එම ස්ථාවර නියෝග අහෝසි කිරීමට පක්ෂද විපක්ෂද යන්න ගැන නැවත පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමක් ඉලෙක්ට්‍රොනික ක්‍රමයට පවත්වනු ලැබීය.
එහිදී ලැබුණ ප්‍රතිඵලය අනුව විපක්ෂව 119ක් හා පක්ෂව 68 ක් ඡන්ද ලැබුනි.
ඒ අනුව සුමන්තිරන් මන්ත්‍රී යෝජනාවට විරුද්ධව ඡන්දය දුන් ආන්ඩුවට සම්බන්ධ පිරිස ජය ලැබීය.
අද දින නියෝජ්‍ය කතානායක තෝරන ඡන්ද විමසීමෙන්ද 109 ක් පමණක් ලබා පාර්ලිමේන්තුවේ 113 බහුතරය අහිමි කරගත් ආණ්ඩු පක්ෂය මෙම ඡන්ද විමසීමේදී 119 ලබාතිබීම මත ආණ්ඩු පක්ෂයේ බහුතර බලය අවිනිශ්චිත  ගැටලුකාරී තත්වයකට මුහුණපා ඇත. ඇතැම් යෝජනාවලට පමණක් ආන්ඩුවේ බහුතරය සකසාගෙන ඇත.
පාර්ලිමේන්තුවේදී පුද්ගලික ප්‍රශ්න කිමට අවස්ථාව අනවශ්‍ය බවට සුමන්තිරන් මන්ත්‍රීවරයාගේ යෝජනාවට ඡන්දය දුන් අය පහත පරිදිය.