petrol-1-day-more-ranil

අගමැති රනිල් වික්‍රමසිංහ අද දින පවතින ආර්ථික අර්බුදයේ බැරෑරුම් කම දක්වමින් විශේෂ කතාවක් කළේය. එහිදී කාගේත් අවධානය යොමුවූ කරුණක්වූයේ ඉන්ධන ප්‍රශ්නය ගැන ඔහු කළ කතාවය.


ඔහු දක්වා සිටියේ පෙට්‍රල් ඇත්තේ තව එක් දිනකට පමණක් බවය.
මෙම ප්‍රකාශය නිසා ඉන්ධන සම්බන්ධ අපෙක්ෂා බංගත්වයක් මෙන්ම ඉදිරි දිනවලදී ගමනාගමනය සම්බන්ධ ගැටලු ගැන ඉඟියක් මතු කර තිබේ.මෙම ගැටලුව විසඳන දිනයක් ඔහු නිශ්චිතව දන්වා සිටියේ නැත.
ඔහුගේ ප්‍රකාශය පහත පරිදිය.


‘මේ සියලු අර්බුද අතර අපි මුහුණ දෙන බැරෑරුම් ම ගැටලු කිහිපයක් තියනවා. ඉදිරි දින කිහිපයේ දී පෝළිම් පාලනය කිරීම සඳහා ඉතාමත් කඩිනමින් ඇමරිකානු ඩොලර් මිලියන 75ක් පමණ සොයාගතයුතුව තිබෙනවා. මේ වන විට අප සතුව පෙට්‍රල් තිබෙන්නේ එක් දිනකට පමණයි. ඊයේ පැමිණි ඩීසල් නෞකාව නිසා ඔබගේ ඩීසල් ප්‍රශ්නයට අද සිට යම් සහනයක් ලැබේවි. ඉන්දියානු ණය ආධාර වැඩපිළිවෙල යටතේ මැයි 19 සහ ජුනි 01 දින තවත් ඩීසල් නෞකා දෙකක් සහ මැයි 18 සහ මැයි 29 පෙට්‍රල් නෞකා දෙකක් පැමිණීමට නියමිතව තිබෙනවා. අදට දින 40කට වැඩි කාලයක සිට ලංකාවේ මුහුදු සීමාවේ පෙට්‍රල්, බොර තෙල් සහ දැවි තෙල් නෞකා 03ක් නවතා තිබෙනවා. ඒ සඳහා මුදල් ගෙවීමට විවෘත වෙළඳපොලෙන් ඩොලර් ලබාගන්න  කටයුතු කරනවා.‘