ගාලු මුවදොර අරගල භූමියට සහ කොල්ලුපිටියේ අරලියගහ මන්දිරය ඉදිරිපිට විරෝධයේ නිරතවූ පිරිස් වෙත ඉකුත් 09 වෙනිදා එල්ලවුණු ප්‍රහාරය සිදු කළ අය දෙදෙනෙකු පමනක් මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබේ.
එම දෙන්නා වන්නේ බස්නාහිර පළාත් සභා හිටපු මන්ත්‍රී අමල් සිල්වා සහ නගර සභා සේවකයෙකි.
අරගලයට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 07 දෙනෙකුගෙන් ප්‍රකාශ ලබා ගැනීම සදහා අවශ්‍ය කටයුතු සළසා දෙන ලෙස රහස් පොලීසිය කතානායකවරයාගෙන් ඉල්ලා තිබෙයි.
ඊයේ වාර්තාවූයේ නීතිපති උපදෙස් අනුව ජොන්ස්ටන් ,සනත් නිශාන්ත ඇතුලු මන්ත්‍රීවරුන් අත්අඩංගුවට ගැනීමක් ගැන වුවද අද පොලිසිය නිකුත් කළ නිවේදනයේ දැක්වුනේ ඒ 22 දෙනාගෙන් විමර්ශන සාක්ෂි විමසීමක් පමණක් සිදුකරන කතාවකි.
මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පවසන්නේ
මැයි 09 දා රාත්‍රී දේශපාලනඥයන්ගේ නිවාස හා දේපොලවලට පහරදී ගිනි තැබීම් සම්බන්ධයෙන් සැකපිට අද දහවල් වන විට අත්අඩංගුවට ගත් පුද්ගලයින් ගණන 664 දක්වා ඉහළ ගොස් ඇති බවයි.
ගෙවී ගිය පැය 24 තුළ අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයින් ගණන 258කි.
සැකකරුවන් 272 දෙනෙක් රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත
සිදුවීමට අදාලව පැමිණීලි 791ක් ලැබී ඇතැයිද පොලිසිය පවසයි.
0 Comments