ඉන්ධන අර්බුදයක් පවතින අවස්ථාවක ඉන්ධනහල්වලින් දෛනිකව අසාමාන්‍ය ලෙස ඉන්ධන තොග රැස්කරන පුද්ගලයන් හඳුනාගැනීම සඳහා පොලිස් තොරතුරු කොට්ඨාශය මගින් පසුගියදා මෘදුකාංගයක්ද හඳුන්වා දුන් අතර ඉන්ධන හලින් දෙනිකව දෙවරක් හෝ ඉන්ධන ලබා ගත් වාහන 2800 කට වැඩි ප්‍රමාණයක් එම මෘදුකාංගය මගින් හඳුනාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දුව මහතා පැවසීය. පෙරේදා (28) මධ්‍යම රාත්‍රියේ සිට ඊයේ (29) පස්වරු 2.00 දක්වා පැය 14 ක කාලය තුළ පමණක් ඒ ආකාරයෙන් ඉන්ධන ලබාගත් වාහන 1200ක් හඳුනාගෙන ඇති බව ද එහෙතම කීය. දැනට හඳුනාගෙන ඇති මෙම වාහන සම්බන්ධයෙන් බුද්ධි අංශ යොදවා විමර්ශන ආරම්භ කර ඇති බවත් එම පුද්ගලයන් ඒ ආකාරයෙන් ඉන්ධන ලබා ගෙන ඇත්තේ නීති විරෝධී ජාවාරම්වල නිරත වීම සඳහා බවට අනාවරණය වුවහොත් ඔවුන් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන බවද හෙතෙම කීය.
දෛනික කටයුතු වෙනුවෙන් මේ ආකාරයෙන් ඉන්ධන ලබා ගන්නා පුද්ගලයන්ට එවැනි කටයුතුවලට කිසිදු බාධාවක් නොවන බවත් ඒ මුවාවෙන් ඉන්ධන ලබාගෙන වැඩි මිලට අලෙවි කිරිමේ ජාවාරම්වල නිරත පුද්ගලයන්ට ඒ සඳහා අවසර හිමි නොවන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළේය. ඉන්ධන හල්වලින් අසීමිතව ඉන්ධන ලබාගෙන වැඩි මිලට අලෙවි කළ පුද්ගලයන් 37 දෙනකු පෙරේදා (28) දිනය තුළ දිවයින පුරා වැටලීම්වලින් අත්අඩංගුවට ගත් බවත් ඔවුන් සතුව ඩීසල් ලීටර් 4320 ක්, පෙට්‍රල් ලීටර 814 ක් අත්අඩංගුවට ගත් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.
0 Comments