සහන අයවැයක් මගින් ඉක්මණින් රජයේ සේවකයින්ගේ වැටුප් වර්ධකයක් ලබාදෙන බවට ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ගණනාවක තොරතුරු හුවමාරුවූ නමුත් එම ආරංචිය දැන් ආපසු හරවා තිබේ.
මාධ්‍ය වාර්තාවලට අනුව රාජ්‍ය අංශයේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට අගමැතිවරයා තවම තීරණයක් ගෙන නැති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් දන්වා ඇත.
ඉදිරි අතුරු සහන අයවැය මගින් සෞඛ්‍ය හා අධ්‍යාපනය අමාත්‍යාංශය හැර සියලු ම අමාත්‍යාංශවල ප්‍රතිපාදන අඩු කර සහන ලබාදීමට කටයුතු කරන බවක් එහි දැක්වේ.
මින් ඉහත වාර්තාවූයේ අගමැතිවරයා ලක්ෂ 15 ක් වූ රාජ්‍ය සේවක වැටුප සල්ලි අච්චු ගසා වැඩි කරන බව වන අතර ඒ ගැන ආර්ථික විශේෂඥයින් අදහස් දක්වමින් පවසා සිටියේ උද්ධමන අර්බුදය එමගින් තවත් උග්‍රවිය හැකි බවයි. එසේම IMF රජයට උපදෙස් දී ඇත්තේ තවදුරටත් වැටුප් කපාහැරීමට හෝ සේවක කප්පාදුවකට යන ලෙස පමණි.
0 Comments