ranjan-free-court-wijedasa

 රන්ජන් රාමනායකගේ සුවදුක් සොයාබලා සිරදඬුවම් විඳින ඔහු නිදහස් කරගැනීමට අවශ්‍ය පහසුකම් ලබාදීමට කටයුතු කරන බව අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ දන්වා තිබේ. ඒ ගැන වැඩිදුර සෙවීමට ඔහු මුණගැසීමටද තීරණය කළ බව  විජේදාස රාජපක්ෂ මහතා පැවසීය.




රන්ජන් නිදහස් කරන ලෙස විපක්ෂයේ දේශපාලනඥයින් ඉල්ලා සිටීමට වඩා ඔහු නියෝජනය කරන කලා ශිල්පීන්ගේ හඬට කන් දීම වැදගත් යයි තමා කල්පණා කරන බවත් නිදහස ලබාදීමට තමා උපරිම ප්‍රයත්නයක් දරන බවත් විජේදාස රාජපක්ෂ මහතා කීවේය.
ජනාධිපතිවරයාගේ සමාව ලබාදී ඔහු නිදහස් කර ගැනීමට පියවර ගැනීමට පෙර මුණගැසී කතාබහ කර ඒ පිළිබඳව ඔහුගෙන් ද අදහස් ලබාගත යුතුව තිබෙන බවද විජේදාස රාජපක්ෂ මහතා කීවේය.