මහවැලි රාජ්‍ය අමාත්‍ය ධුරය තමන්ගෙන් ගලවලා වෙනත් පුද්ගලයෙකුට ලබාදුන්නේ, කෝටි 50ක මුදලක් ලබාදීමෙන් යැයි ඩඩ්ලි සිරිසේන මහතා පවසන බව හිටපු පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය මාධ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසීය. ධුරය දැරුවොත් ඔහුගේ සහෝදර මෛත්‍රීපාල සිරිසේන මහතාගේ
දේශපාලනයට තර්ජනයක් වන බවට ඩඩිලි සිරිසේන මහතා සඳහන් කර ඇති බවද ඒ මහතා පවසා සිටියේය. මෙලෙස කෝටි 50කට ඇමතිකමක් විකිණනන්නත්, ඒ කෝටි 50 කවුරුන් ගත්තාද කියාත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඩඩ්ලි සිරිසේන මහතා ගෙන්නලා වහාම විමර්ශනයක් සිදුකරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවද හිටපු රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. පොළොන්නරුව, දිඹුලාගල, සිප්පුර ඉසුරු හෝටලයේදී ඊයේ (01දා දින රැලියට සමගාමීව, ආකල්පමය වෙනසක්, ජාතික ප්‍රතිපත්තියක් යන මැයින් සංවිධානය කර තිබූ මැයි රැලි රැස්වීමකදී හෙතෙම සඳහන් කළේය.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා,
"වෛරයෙන් ක්‍රෝධයෙන් කවුරු හරි කටයුතු කළොත් ඒ පුද්ගලයන්ට ඒ පක්ෂවලට හරියන්නේ නෑ. එහෙම ආණ්ඩුවක් කරනවා නම් පැවැත්මක් නැහැ, හැට නවලක්ෂයක් ඡන්දෙ දීපු අයට වසර එකහමාරකින් මේ ආණ්ඩුව ඒ වුණා. ඒකට සාධාරණ හේතු ඇති. මම ගොවි ජනතාව සමග සිටින නායකයෙක් හැටියට ගොවීන්ගෙන් පත් වුණු නායකයෙක් හැටියට ප්‍රකාශයක් කරලා තනතුරු අතහරින්න හේතුවුණේ ගොවිජනතාවට සිද්ධ වුණා ගැටලු නිසා, ගොවි ජනතාවට රසායනික පොහොර දෙන්න බැරිනම් කෙලින්ම කියන්න ඕනේ දෙන්න බෑ කියලා.
මම වර්තමාන කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතාට යෝජනා කළා ගොවියන්ට පොහොර දෙන්න බැරි නම් පෞද්ගලික සමාගම්වලින් පොහොර ලබාගන්න මුදල් හරි දෙන්න කියලා, ඒකට කිහිපදෙනෙක් කැමැත්ත පළ කළා. මේ ආර්ථික සමාජ විනාශයට, හැත්තෑ හතෙන් පසුව රට පාලනය කරපු හැම නායකයෙක්ම වගකියන්න ඕන. ඒ වගේම වසර හැත්තෑ හතරක්ම රට පාලනය කළේ වයෝවෘද්ධ නායකයෝ. නමුත් මේ රටේ හොඳ බුද්ධිමත් තරුණ දේශපාලන නායකයන් ඉන්නවා. හොඳ ප්‍රායෝගික ආකල්පමය වෙනසක් ඇති කරන්න පුළුවන් පිරිසක් සිටිනවා.
මේ රටවල් පාලනය කරන්න ඒ අයටත් අවස්ථාව දෙන්න ඕනේ, ඉදිරි මැතිවරණවලදී ඒ අයට අවස්ථාව ලබාදිය යුතුයි. ජාතික ආණ්ඩුවකට එකතු වීමට අකමැති අයෙකු වේ නම්, ඒ එකෙකුවත් ඊළඟ මැතිවරණයකදී පාර්ලිමේන්තුවට තෝරාපත් කර ගන්න එපා කියලා මම ඔබෙන් ඉල්ලා සිටිනවා. පාර්ලිමේන්තුවේ 225 අතර ඉන්නවා පාපැදියක්වත් නැතිව පාර්ලිමේන්තුවට තේරී පත් වූ අය විවිධ ජාවාරම් කරලා හොඳ තැන්වල ඉන්නවා. පාර්ලිමේන්තුවේ හොඳ පිරිසකුත් ඉන්නවා නැතුව නොවෙයි, මේ රට ගොඩ ගැනීමට නම් අපී වත්මන් රාජ්‍ය සේවකයන්, මහජනතාව ලොකු කැප කිරීමක් කරන්න ඕනේ. මේ රට ගොඩගන්න පුළුවන් හැබැයි ආකල්පමය වෙනසක් ඇති කරලා ජාතික ප්‍රතිපත්තියක් අනුව ක්‍රියා කළ යුතුයි” යනුවෙන්ද රණසිංහ මහතා පවසා සිටියේය. මෙම අවස්ථාවට දිඹුලාගල වැලිකන්ද සංවිධායක ජගත් සමරවික්‍රම, දිඹුලාගල සභාවේ විපක්ෂ නායක රංජිත් කහගල්ල, වැලිකන්ද ප්‍රාදේශීය සභාවේ සභාපති නිමල් අධිකාරී, ප්‍රදේශයේ පක්ෂ සංවිධායකවරුන් මෙන්ම පක්ෂ ආධාරකරුවෝ විශාල පිරිසක් එක්ව සිටියහ.
0 Comments