sajith-anura-gota-gogama

අරලියගහ මන්දිරය අසලට රැස්වූ පිරිස ගාලුමුවදොර විරෝධතාකරුවන් අතරට පැමණීම සමඟ බාහිරින් තවත් පිරිසක් එක්වී ගැටුමක් නිර්මාණය කළ අතර දෙපාර්ශ්වය අතර ඇතිවූ ගැටුම පාලනයට  පොලීසිය ජල හා කදුලු ගෑස් ප්‍රහාර එල්ල කර තිබේ. ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු එම පෙරමුණේ ජනතා නියෝජිතයින් ඇතුළු කිහිප දෙනෙකු ද එම ස්ථානයට පැමිණියේ නිර්පාක්ෂික අරගලයට ප්‍රහාරයක් දියත්කරන්නට ආණ්ඩුව යෙදවූ මැර පිරිසක් පැමිණෙන බවට ආ සැකය නිසයි.ටික වේලාවකට පසු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එම ස්ථානයට පැමිණීමත් සමඟ එහි සිටි පිරිසක් සජිත් ප්‍රේමදාස මහතාට ප්‍රහාරයක් එල්ල කරන්නට උත්සාහ කළ අතර ආරක්ෂකයින් ඔහුව ආරක්ෂා කරමින් රැගෙන යන ලදි.



ඉරාන් වික්‍රමරත්න, මුජිබර් රහ්මාන්, කාවින්ද ජයවර්ධන ඇතුළු සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු සමග ගාලු මුවදුර ප්‍රදේශයට පැමිණි අවස්ථාවේදී ඔහුට මෙම ප්‍රහාරය එල්ල විය.
සිද්ධියෙන් පසු “ආණ්ඩුවට සම්බන්ධ උන්මත්තකයින්ගේ ත්‍රස්ත ප්‍රහාරයක්” යන තේමාව යටතේ සජිත් ප්‍රේමදාස මහතා විශේෂ ප්‍රකාශයක් නිකුත් කර තිබෙයි.

රාජපක්ෂ ජනාධිපති ඇතුළු සියලු දෙනා වගකිව මෙම ප්‍රහාරයට වගකිව යුතු බව ඒ මහතා සඳහන් කර ඇත.



අරලියගහ මන්දිරය ඉදිරිපිට සහ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ප්‍රජාතන්ත්‍රවාදය සහ යහපත් රටක් ප්‍රාර්ථනා කරමින් සාමකාමී ලෙස අරගල කරමින් සිටි අරගලකරුවන්ට රජයට සම්බන්ධ උන්මත්තක ත්‍රස්තවාදී කණ්ඩායමක් විසින් එල්ල කළ බියගුළු සාහසික ප්‍රහාරය හෙළා දකින බවත් ඔහු සඳහන් කර ඇත.