sajith-premadasa-speaks
සජබ පාගමනට සම්බන්ධ වූ විපක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි සජිත් ප්‍රේමදාස මහතා රැස්ව සිටි පිරිස අමතා ඔහුගේ අදහස් දක්වා සිටියා.

''රටේ ජනතාවගේ මතය නියොජ්නය කරන ජනතාව ශක්තිමත් කරන යුගයක ආරම්භය නිර්මාණය කරන්නයි මේ පාගමන යන්නෙ.මතක තබාගන්න පෝලිම් වල මේ රටේ සමස්ත ජනතාව ලත වෙනවා.ගෑස් පෝලිමේ පෙට්ට්‍රල් පෝලිමේ,ඩීසල් පෝලිමේ , භූමිතෙල් පෝලිමේ ,මේ හැම පෝලිමකම මේ රටේ ලක්ෂ සංඛ්‍යාත ජනතාව ලත වෙනකොට මේ රටේ තරුණ පරපුර ඒ අභීත සෙන්පතිවරුන් ඒ ජන අරගලයේ නායකයින් ගාලුමුවදොර ඉදගෙන වීරෝධාර සටනක් ක්‍රියාත්මක කරන මේ අවස්ථාවේ හඩ නගලා කියමු මුළු රටම ඔබ සමගයි.දවසින් දවස බොහොම ලස්සන දේශපාලන ටෙලිනාට්‍ය නිර්මාණය වනවා.



රට කාපු මන්ත්‍රි මණ්ඩල ගහගන්නවා,රණ්ඩු කරගන්නවා,දැන් ජනාධිපතිවරයා කියනවලු මන්ත්‍රිවරු ඉදිරිපිට මම මහින්ද රාජපක්ෂ මැතිතුමාට යන්න කිව්වෙත් නෑ, යන්න කියන්නෙත් නෑ,ඩලස් මහත්තයා කිව්වලු ඉස්සර ඉදලාම මහින්ද මහත්තයා ඇසුරු කලා කියලා ජනාධිපතිවරයා කිව්වලු ඔයා ඇසුරු කරන්න ඉස්සෙල්ලා එයා මගේ අයියා කියලා.දැන් මණ්ඩලය ඇතුලේ කචල්.දැන් ඒ ආණ්ඩුව අපිට කියනවා අන්තර්වාර ආණ්ඩුවකට එන්නලු.අපිනම් විරුද්ධයි යන්න.දැන් මණ්ඩලේ කචල් එක බේරගන්න අපිට කියනවා බේරුම්කාරයෝ වෙන්න කියලා.අපිට කියනවා කියන ඕන දෙයක් දෙන්නම් දැන් පටන් අරං අළුත්ම දේ මන්ත්‍රි වෙන්දේසිය.මන්ත්‍රි සූදුව මේ අයට පුරුදුයි පක්ෂ කඩලා එක එක වරදාන වරප්‍රසාද සල්ලි දීලා.හැබැයි මම එකක් කියන්නම් මේ සමගි ජන බලවේගයේ ආදරණීය මන්ත්‍රිවරු වෙන්දේසියට නෑ,අලෙවියට නෑ...''