sapugaskanda-close=again

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ පිරිපහදු කිරීමේ කටයුතු දින 70කට පමණ පසු නැවත ආරම්භ කිරීමට කටයුතු කළද, එහි ඇති බොයිලේරුවක සිදු වූ කාර්මික දෝෂයක් හේතුවෙන් තෙල් පිරිපහදු කටයුතු යළි අත්හිටුවීමට සිදුවිය. දින 70ක පමණ කාලයක් කිසිදු පිරිපහදු කිරීමක් සිදු නොකර එක දිගට පිරිපහදුව වසා තැබීම නිසා එය යළි සක්‍රීය කිරීමේදී මෙම කාර්මික දෝෂය හටගෙන ඇතැයිද පිරිපහදුවේ 





ඉංජිනේරුවන් විසින් ඊයේ (30දා) දිනයේදී එය යථා තත්වයට ගැනීමට අවස්ථා දෙකකදී උත්සාහ ගත්තද, එය ව්‍යර්ථ වූ බව විදුලි බල හා බලශක්ති අමාත්‍යංශ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර, පිරිපහදුවේ සිදුවන කාර්මික දෝෂ යළි සැකසීම සඳහා අමතර කොටස් හිඟයක්ද පවතින බව වාර්තා වෙයි. කෙසේ වෙතත්, පිරිහදුවේ ඉංජිනේරුවන් විසින් පිරිපහදුව යථා තත්වයට පත් කිරීමට උත්සාහ දරමින් සිටින බවත්, එහෙත් ඒ සඳහා ගතවන කාලය නිශ්චිතව පැවසිය නොහැකි බැවින්, කාර්මික දෝෂය නැවත සකස් කිරීමෙන් පසු නිෂ්පාදන ක්‍රියාවලිය නැවත ආරම්භ කළ හැකි බවත් තොරතුරු වාර්තා වේ.

තෙල් පිරිපහදුවේ පිරිපහදු කටයුතු ආරම්භ කිරීමෙන් පසු මෙරටට ගෙන්වා ඇති බොරතෙල් තොගය දින 15ත් 20ත් අතර කාලයක් තුළදී පිරිපහදු කිරීමේ හැකියාව පවතින බවද අනාවරණය වී ඇත.

එසේම ඉන්ධන පිපහදුවේ කටයුතු නැවත ආරම්භ කිර්ම සඳහා බොරතෙල් නෞකාවක් මෙරටට ගෙන්වා ඇති බව පසුගියදා බලශක්ති අමාත්‍යවරයා ප්‍රකාශ කළ අතර, එලෙස ගෙන්වනලද බොරතෙල් නෞකාව මෙරට වරායට පැමිණියදා එයට මුදල් ගෙවීමට දින 33ක කාලයක් ගත වූ බව වාර්තා විය.