sarath-fonseka-speaks

මැයි පළමු වනදා  පස්වරුවේ කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ පැවති සමගි ජන බලවේගයේ පළමු මැයි දින රැලියට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා මෙසේ සිය අදහස් ජනතාව ඉදිරියේ ප්‍රකාශ කර තිබුනා.



"තමුන්නාන්සේලා දන්නවා අද අපි කම්කරු දිනය සමරනවා. කම්කරුවාගේ ජිවිතය හැමදාම දුෂ්කරව ගෙවී ගිය ජිවිතයක්.අච මේ රටේ මේ වෙද්දී රටේ ජනතාවගෙන් 85%කට කම්කරුවකු ගත කරපු ජිවිතයටත් වඩා අමාරු ජිවිතයක් ගත කරන්න සිද්ධ වෙලා තියනවා.. මේ රාජපක්ෂ ආණ්ඩුව ජනතාවගේ ජිවිත ගැන බලන්නේ නැතිව තමුන්නාන්සෙලාගේ පවුල, දරුවන්, දරු මල්ලන් ගැන බලන්නේ නැතිව තමුන්නාන්සෙලාගේ ජිවිත විනාශ කරන්න ක්‍රමානුකුලව පාර කපලා තියනවා.. අතීතයේ රාජපක්ෂවරු 2010 ඉඳලාම කරපු දුෂණ, වංචා වල ප්‍රතිඵල දැන් පල දරමින් තියනවා.. එ දවස්වල රාජපක්ෂවරු ඉන්න තැන වල උඩින් කපුටෙක්වත් ගියේ නැ.. දැන් නම් හැම තැන් වලට කපුටාස් කපුටාස්මයි..

මේ කාලේ රාජපක්ෂවරු අපේ කකුල් දෙක අස්සෙන් ගියත් මේ රටේ ජනතාව සත පහකට ගනන් ගන්නේ නැහැ... අපිට විශ්වාසයක් තියනවා ඉදිරි මාස දෙක ,තුන ඇතුළත රාජපක්ෂලට මේ රටින් පැනලා යන්න සිද්ධ වෙනවා.. දැන් අපේ තරුණයෝ හදනවා ගෝඨාගෝගම, මයිනාගෝගම ,කපුටාගෝගම අන්තිමට ශිරන්තිගෝගම,නාමල්ගෝගම කියලා රට පුරාම ගෝගම් තමයි ඉස්සරහට එන්නේ... "