රඹුක්කන ජනතාව ඉන්ධන ඉල්ලා උද්ඝෝෂණයක් සිදු කළ අවස්ථාවේදී පොලීසිය මගින් එල්ල කරන ලද වෙඩිතැබීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටින සැකකාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරයා ඇතුළු සිවුදෙනා පෙරේදා (28දා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් වැඩිපුර විමර්ශන කටයුතු සඳහා සිද්ධිය වූ ස්ථානයට විශේෂ ආරක්ෂාවක් යටතේ රැගෙනවිත් තිබුණි.
ඉන්ධන ලබාදෙන ලෙස රජයට බල කරමින් රඹුක්කන ජනතාව පසුගිය අප්‍රේල් 19 වැනිදා රඹුක්කන සමුපකාර ඉන්ධන පිරවුම්හල ආසන්නයේදී උඝෝෂණයක් පැවැත්වූහ. එහිදී සිවිල් වැසියන් 13දෙනෙකු තුවාල ලැබූහ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන කටයුතු සිදු කරන අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් කෑගල්ල හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ඇතුළු සිවුදෙනෙකු අත්අඩංගුවට ගෙන කෑගල්ල මහේස්ත්‍රාත්වරිය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරුවන් අනිද්දා (01දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කළාය.
රඹුක්කන සිද්ධිය වූ ස්ථානයට රැගෙන පැමිණි සැකකාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගෙන් හා සෙසු සැකකාර පොලිස් කොස්තාපල්වරුන් තිදෙනාගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමක්ද පෙරේදා එම ස්ථානයේදී සිදු කෙරිණි.මෙම අවස්ථාවට කෑගල්ල කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගාරයේ ස්ථානාධිපති මලන්දෙණිය මහතා ඇතුළු කණ්ඩායමක් සහ රඹුක්කන පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් එක්ව සිටියහ.
0 Comments