ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලිං පා ගමනට සහභාගි වෙමින් තම අදහස් දක්වා තිබුණේ මෙලෙසයි.
''අද රාජපක්ෂ ආණ්ඩුව බලහත්කාරකිමින් තමයි මේ ඉන්නේ.මේ රටේ වැඩ කරන පංතිය පැහැදිලිවම පෙන්නුවා මොකක්ද අපේ හයිය කියලා.ඒ හයිය පෙන්නලා තියෙද්දි තමයි රාජපක්ෂ ආණ්ඩුව තමවමත් ඉන්නේ.එළඹෙන 06 වෙනිදා පැහැදිලිව මේ රටේ දැවැන්ත හර්තාල් ව්‍යාපාරයක් තියෙනවා ඒ හර්තාල් ව්‍යාපාරය ශක්තිමත් කිරීම තමයි අද අපේ මැයි දිනයේ අරමුණ.පැහැදිලිවම ආණ්ඩුවට කියනවා වහාම ගෙදර යන්න ඕන කියලා.
ඒ වෙනුවෙන් මේ අරගලය තියෙන්නේ අපි හර්තාලය ශක්තිමත් වෙනවා අද මැයි දිනයේදි මේ රටේ වැඩකරන පන්තිය පෙන්නලා තියෙන බලය තේරුම් අරන් ආණ්ඩුව ගෙදර යායුතුයි කියලයි අපි කියන්නේ.අපේ අරගලය ඒ දක්වා ඉස්සරහට ගෙනයනවා කියලා කියන්න කැමති....''
0 Comments