යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ලබන සතියේ අගහරුවාදා එනම් මැයි 31 වෙනිදා සිය ධුරයෙන් නික්ම යෑමට නියමිත බව යුද්ධ හමුදාව නිවේදනය කර තිබේ. මින් ඉහත විශ්‍රාම යන්නට සිටි ඔහු අවස්ථා කිහිපයකදී සේවා දිගු ලබා මේ ආකාරයට සමුගන්නේ විශ්‍රාම යාමක් ලෙසිනි.
යුද්ධ හමුදාපති ධුරයෙන් විශ්‍රාම යෑමෙන් අනතුරුව ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි තනතුරට පත් කෙරෙනු ඇතැයිද දැනට යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජනරාල් විකුම් ලියනගේ නව යුද්ධ හමුදාපතිවරයා ලෙස ජුනි මස 01 වෙනිදා සියධුරයේ වැඩ භාර ගැනීමට නියමිතව ඇතැයිද වාර්තාවේ.
ගජබා රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන මේජර් ජෙනරල් විකුම් ලියනගේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ධූරයේ රාජකාරි භාරගැනීමට ප්‍රථම ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාවේ සේනාවිධායක ධූරය හෙබවීය.
ඔහු මාතලේ විජය විද්‍යාලයේ ආදි සිසුවෙකි.
0 Comments