කුඩා දරුවන් අතර මේ දිනවල දී වයිරස් රෝග ශීඝ්‍රයෙන් පැතිරී යන ආකාරයක් දක්නට ලැබේ. දරුවන්ගේ ප්‍රතිශක්තිකරණය සම්බන්ධයෙන් මතුවන ගැටලු හේතුවෙන් වයිරස් රෝග ඉතා ඉක්මනින් දරුවකුගෙන් තවත් දරුවකුට බෝ වීමේ ප්‍රවණතාව ද වැඩිය. කාලෙන් කාලෙට විවිධාකරයේ වයිරස් රෝග මතුවීම සාමාන්‍යයි. එබඳු වයිරස් රෝගී තත්වයක් නැවතත් දරුවන් අතර බෝවීමට පටන් ගෙන ඇත.
මෙයි 'Hand Foot mouth Disease හවත් අත් පා මුඛ රෝගය නමින් හැදින්වේ. පෙර පාසල් වියේ පසුවන දරුවන් අතර වැඩිපුරම ව්‍යාප්තව යන මෙය කොළඹ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කොට ගනිමින් ළමා රෝගීන් බොහෝ ප්‍රමාණයක් වාර්තා වී ඇත. කොළඹ දිස්ත්‍රික්කයට පමණක් රෝගය සීමා නොවන අතර ඉදිරීයේදී රටේ අනෙකුත් දිස්ත්‍රික්කවලටද අවදානම එක හා සමානව පවතිනු ඇත. අත් පා මුඛ රෝගය විශේෂයෙන්ම වයිරඋණ රෝගී තත්වයක් නිසාවෙන් ව්‍යාප්තියේ දැඩි බවක් පෙන්වා ඇත.
රෝගයේ ස්වාභාවය 'coxakie' නම් වයිරසය ආසාදනය වීමෙන් මෙම රෝගය වැළදේ. රෝගය ආසාදනය වූ පසු දරුවන්ගේ අත්, කකුල් සහ කටේ රතු පැහැති බිබිලි දදයක් ආකාරයෙන් හට ගැනේ. මුඛය ඇතුළේද මෙම තත්වය ඇතිවිය හැකි අතර එහිදී දරුවාට ආහාර ගැනීම අපහසු වනු ඇත. මීට අමතරව සුදු පැහැති වතුර පිරුණු බි`ද අත්, කකුල් සහ තට්ටම් ප්‍රදේශයේ ද ඇති විය හැකිය. ඉතාමත් ලෙහෙසියෙන් මෙම රෝගය රෝගී දරුවකුගෙන් තවත් දරුවකුට බෝ වීමට පුළුවන. මාස 6 සිට අවුරුදු 7-8දක්වා වන වයස් කාඩවල පසුවන දරුවන් අතර රෝගී තත්වය ඉතාම පහසුවෙන් ව්‍යාප්ත වී යන ආකාරයක් පැහැදිලිවම පෙනී යයි. ඉහත රෝගී ලක්ෂණ ඇති දරුවකුගේ සමෙහි තවත් දරුවකු ස්පර්ශ වුවහොත් රෝගය බෝවීමේ හැකියාවක් ඇත. අත් පා මුඛ රෝගය මාරාන්තික නොවන අතර දින 03ක් 04ක් ඇතුළත දී සුව වී යනු ඇත. වඩාත් අවශ්‍ය වන්නේ රෝගය අන් දරුවන් කරා බෝ වීම වළක්වා ගැනීමයි.
බෝ වීම වළක්වා ගැනීමට කළ යුතු දෑඉහත රෝග ලක්ෂණ සහිත දරුවකු ඇන්නම් පාසල්, පෙරපාසල්, දිවා සුරැකුම් මධ්‍යස්ථානවලට නොයවා නිවසෙහි රඳවා තබා ගන්න. එවිට තවත් දරුවතුට රෝගය බෝවීමට ඇති අවස්ථාව ඇහිරේ. නිවසෙහි සිටින දරුවකු රෝගයෙන් පෙළේ නම් සෙසු දරුවන්ගෙන් රෝගියාව ඈත් කොට තබන්න. සුදුසු ආහාර පාන නිසි අයුරින් ලබා දී රෝගියාට ඇඳ විවේකය ලබා දීම උචිතය. දදයක් ආකාරයට බිබිලි සිරුර පුරා පැතිරී යාම වැළැක්වීමට බිබිලක් දෙකක් මතුවන විටදිම දරුවාගේ සෞඛ්‍ය තත්ත්වය ගැන සැලකිලිමත් වන්න. තම දරුවා පෙර පාසල් හෝ පාසලට ගොස් පැමිණි වහාම හොඳින් පිරිසුදු වී පැමිණීමට ඔහුට උපදෙස් ලබා දෙන්න. දිවා සුරැකුම් මධ්‍යස්ථානවල රැදී සිටිනා දරුවන්ගේ පෞද්ගලික පරිහරණයට ඇති දේවල් අනෙකුත් දරුවන් සමග හුවමාරු කර ගැනීමෙන් වැළකීම සුදුසු වේ.
ප්‍රතිකාර දදයක් ආකාරයට සුදු පැහැ වතුර පිරුණු බිබිලි හෝ රතු පැහැති ලප ඇති වීම මූලික ලක්ෂණයයි. එහෙත් මේ ඇති වන බිබිලි පැපොල රෝගය හේතුවෙන් හටගත් බිබිලිද නැත්නම් වෙනත් රෝගයක් නිසාවෙන් හට ගත්තාද යන්න නිවැරැදිව තහවුරු කර ගැනීමක් අවශ්‍ය වේ. එනිසා දරුවාගේ සැක සහිත රෝග ලක්ෂණ ඇත්නම් කල් නොයවා වෛද්‍ය උපදෙස් ඳහා ඉදිරිපත් කිරීම අත්‍යවශ්‍ය කරුණකි. සාමාන්‍යයෙන් අත් පා මුඛ රෝගයේදී ද පැරසිටමෝල් පැය 6න් 6ට ලබා දීම ද සිදුවේ.
රෝගී දරුවාගේ පෝෂණය දරුවාගේමුඛය ඇතුළත රතු පැහැති ලප හටගෙන ඇත්නම් එබ්බඳුදරුවන්ට ආහාර ගැනීම තරමක් අපහසු විය හැකිය. එවිට මදක් සිසිල් කළ ආහාර පිළිගැන්වීම සුදුසුය. අනෙක් රෝගී දරුවන්ට සාමාන්‍ය පරිදි ආහාර ලබාදීම කළ හැකිය. දියර ජාති ලබා දීමේ දී ස්වභාවික පාන වර්ග පමණක් ලබා දීමට උනන්දු වන්න.
නියපොතු හැලීම අතුරු ආබාධයක්ද? අත් පා මුඛ රෝගයට ගොදුරුව සුව වූ පසු සමහර දරුවන්ගේ නියපොතු හැළි යනු දක්නට ලැබේ. මේ තත්ත්වය වළක්වා ගැනීමට සින්ක් අඩංගු සිරප් වර්ගයක් හෝ සින්ක් ඇතුළත් ආහාර පාන ලබා දීම සුදුසුය. මෙහිදී විශේෂයෙන්ම පැළ වී එන මුං ඇටවල සික් අඩංගු අතර එවැනි ආහාර ද දරුවාට විටින් විට හඳුන්වා දෙන්න. නිවැරැදි පෝෂණ රටාව , මනා විවේකය සහ සුවදායී මනස නිසා රෝගී තත්ත්වය ඉතා ඉක්මනින්ම පහව යනු ඇත. රෝගයක් මාරාන්ත්‍රික නොවුණ ද සමාජයේ ඉක්මන් ව්‍යාප්තියට ඇති මං අහුරා තබමින් රෝග පාලනයකට දඅපි හුරු විය යුත්තෙමු.
රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය
දීපාල් පෙරේරා
සටහන - මාධවී ධර්මරන්න
0 Comments