Netflix අන්තර්ජාල ස්ට්‍රීමිං සේවාව හරහා ජනප්‍රිය වූ දකුණු කොරියානු ප්‍රබන්ධ චිත්‍රපට කතාමාලාවක් වූ Squid Game නමින් නව රියැලිට් රූපවාහිනි තරග වැඩසටහනක් නිෂ්පාදනය කිරීමට සැලසුම් කර ඇතැයි Netflix Inc. සමාගම පවසයි.
මෙම චිත්‍රපටයේ පැවති තරග අවස්ථා අදාළ රියැලිටියේදී පෙන්නුම් කරන්නට නියමිතය.
මෙය Squid Game : The Challenge ලෙස නම් කෙරී තිබේ. මෙම රියැලිටි තරගය සඳහා තරගකරුවන් 456 දෙනෙකු සඳහා අවස්ථාව ඇති අතර, ජයග්‍රහණය සඳහා පිරිනැමෙන මුදල ඩොලර් මිලියන 4.56කි. ඒ අනුව මෙය එතෙක් මෙතෙක් ලොව රියලිටි රූපවාහිනිය වැඩසටහනකදී ලබාදුන් ඉහළම මුදල් ත්‍යාගයද වෙයි. මෙම වැඩසටහන එක්සත් රාජධානියේදී රූගත කිරීම සැලසුම වී ඇති අතර, ඉංග්‍රීසි භාෂාව පමණක් කතා කරන අය යොදවා නිෂ්පාදනය කෙරෙන බවත් Netflix සමාගම පවසයි.
Squid Game කතා මාලවේදී තරග පරාජය වන අය මරා දැමුණ නමුත් මෙම රියලිටි තරගාවලියේදී පරදින අයට හිස් අතින් පමණක් ගෙදර යන්නට සිදුවන බව සමාගම දන්වා ඇත.
0 Comments