අමනාපවූ තම පවතියගේ නිරුවත් උඩුකය ඡායාරූප අන්තර්ජාලයට මුදාහරින බව පවසමින් පෙම්වතියට බලපෑකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තරුණයකු අඩනිරුවණ්ණායාරූපසහිත ජංගම දුරකථනයක්ද සමග පෙරේදා (31 වැනිදා) සවස අත්අඩංගුවට ගත් බව අත්තනගල්ල පොලිසිය පවසයි. අත්අඩංගුවට ගත් තරුණයා අල්ගම ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 22 හැවිරිදි තැනැත්තකු බවද පොලිසිය කියයි.
මෙම තරුණයා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අයත් අපනයන සැකසුම් කලාපයක ඇඟලුම් කම්හලක සේවයේ නියුතු අයකු බවද ඔහුට එම ඇඟලුම් කම්හලේ රැකියා ලබා ගැනීමට මැදිහත්වී උපකාරකර ඇත්තේ ඒ වනවිට එහි සේවය කරමින් සිට ඇති පෙම්වතිය බවද පොලිස් පරික්ෂණවලදී හෙළිවී තිබේ. එකම ආයතනයේ සේවය කරමින් තරුණයා සහ තරුණිය පෙම්වතුන් ලෙස කාලයක් ඇසුරු කර ඇති බවද, තම පෙම්වතාගේ ඉල්ලීම මත තරුණිය තම නිරුවත් උඩුකය ඡායාරූප පෙම්වතාගේ ජංගම දුරකථනයට ‘වට්ස් ඇප්' මාර්ගයෙන් යවා ඇති බවද පොලිසිය කියයි.මෑතකදී තරුණිය තරුණයා සමග අමනාපවී ප්‍රේම සම්බන්ධතාවය නවතා දමා ඇති බවද පොලිසිය පවසයි. තම පෙම්වතිය තමා සමග අමනාපවීම නිසා උරණවී ඇති තරුණයා තරුණියගේ උඩුකය නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මුදාහරින බව තරුණියට පවසමින් තරුණියගේ ප්‍රේමය නැවත ලබාගැනීම සඳහා ඇයට බලපෑම් කර ඇති බව පොලිස් පරික්ෂණවලදී හෙළිවී තිබේ. අමනාප වූ තම පෙම්වතියගේ උඩුකය නිරුවත් ඡායාරූප සංස්කරණය කර මිතුරකුගේ ජංගම දුරකථනයට යවා ඇති බවද වැඩිදුර විමර්ශනවලදී හෙළිවී ඇත. මේ සම්බන්ධයෙන් තරුණියගෙන් ලැබුණු පැමිණිල්ලට අනුව අත්තනගල්ල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක යශේන්ද්‍ර නාලක මහතාගේ උපදෙස් මත තරුණයාත් තරුණියත් වහා පොලිසියට කැඳවා පැමිණිල්ල විභාගකර ඇත.
එහිදී තරුණයාගේ ජංගම දුරකථනයේ තරුණියගේ නිරුවත් උඩුකය ඡායාරූප තිබෙන අයුරුද එම ඡායාරූප යවනලද තවත් ජංගම දුරකථනයක් පිළිබඳව තොරතුරු ද පොලිසියට හෙළිවී තිබේ. ඒ අනුව තරුණිය ඉදිරිපිටදිම සැකකාර තරුණයාත් ඔහුගේ ජංගම දුරකථනයත් අත්අඩංගුවට ගනු ලැබූ බව පොලිසිය සඳහන් කරයි.
0 Comments