arjuna-ssc-issue

එස්. එස්. සී. ක්‍රීඩා සමාජයේ ලේකම් තනතුර සඳහා නාමයෝජනා ඉදිරිපත් කළ 96ලෝක ශූර ක්‍රිකට් නායක අර්ජුන රණතුංගගේ නම එහි විධායක කමිටුව ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වේ. 


නිලවරණය ලබන 24වැනිදා උදෑසන නවයේ සිට එම ක්‍රීඩා සමාජ පරිශ්‍රයේ දී පැවැත් වේ.
අර්ජුන රණතුංග එස්. එස්. සී. ක්‍රීඩා සමාජයේ සාමාජිකත්වය ලබන්නේ 1979 වර්ෂයේ දීය. 1996 වසරේ ලෝක කුසලානය දිනා ගන්නා විට ද ඔහු එම ක්‍රීඩා සමාජයේ සාමාජිකයෙකි. 1997 වර්ෂයේ දී ඔහුට එම ක්‍රීඩා සමාජයේ යාවජීව ගෞරව සාමාජිකත්ත්වය එහි විධායක කමිටුවේ ඒකමතික තීරණයකින් පිරිනැමිණ. ඔහු දැනට එස්. සී. සී. ක්‍රීඩා සමාජයේ යාවජීව ගෞරව සාමාජිකත්වය ලබා වසර 43කි. අර්ජුන රණතුංග මෙවර නිලවරණය සඳහා ලේකම් ධුරයට නාම යෝජනා භාර දුන් නමුත් විධායක කමිටුවේ ඇතැම් නිලධාරීන්ගේ අවශ්‍යතා මත තාක්ෂණික කරුණු යැයි පවසමින් ඔහුගේ නම ප්‍රතික්ෂේප කර ඇත.