bibile-incident

බිබීල කොටගම විවිධ සේවා සමුපකාර සමිතියට අයත්  හෙවෙල්වෙල සමුපකාර ග්‍රාමීය බැංකුවේ  කළමනාකාරිනියට පෙරේදා (1) පිහියකින් ඇන ඇතැයි බිබිල පොලිසිය කියයි. තුවාල ලැබූ බැංකු

කළමනාකාරිනිය බිබිලේ මහාචාර්ය සේනක බිබිලේ අනුස්මරණ රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිසිය කියයි. මෙලෙස පිහි ඇනුමට ලක්වූයේ හෙවෙන්වෙල අඹවතේ එම්. එම්. නිලුෂිකා වසන්ති  ආරියවංශ නමැති බැංකු කළමනාකාරිනිය බව පොලිසිය කියයි.

මුහුණු ආවරණය කරගත් තැනැත්තකු බැංකුව තුළට පැමිණ දියණියගේ උදරයට පිහියෙන් ඇන පලාගිය බවට ක ළ ම නාකාරවරිය ගේ මව ප්‍රකාශ කර ඇතැයි පොලිසිය ප්‍රකාශ කළේය. රෝහලේ ප්‍රතිකාර ලබන කළමනාකාරවරියගේ තත්ත්වය බරපතළ නොවන බවත්, පිහි පහර එල්ල කළ පුද්ගලයා සොයා පරීක්ෂණ සිදුකරන බවත් පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.