දක්ෂිණ අධිව්වේගී මාර්ගයේ වීරකැටිය අන්තර් හුවමාරුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චිගේ පුත්‍රයා හා ඔහුගේ බිරිඳ පොලිසිය සමඟ ගැටුමක් ඇති කරගෙන තිබෙන අතර අතිශය අසභ්‍ය වචනවලින් පොලිස් නිලධාරින්ට බැණ වදින වීඩියෝවක් සමාජ මාධ්‍යය තුළ සංසරණය වෙයි.
මින් ඉහත 2021 ජනවාරි මාසයේදීද මහරගමදී රිය අනතුරක් සම්බන්ධයෙන් ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් අඹුසැමි යුවළකට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චිගේ පුත්‍රයා ඇතුළු සිව් දෙනෙකු අත්අඩංගුවට පත්වීමෙන් පසු සැකකරුවන් පොලිස් ඇප මත මුදා හැර තිබුණි.
දක්ෂිණ අධිව්වේගී මාර්ගයේ ඇතිවූ සිදුවීමේදී වැඩිපුරම අසභ්‍ය වචන කෑගසන්නේ දිලිප්ගේ ලේලියයි. සමාජ මාධ්‍යය තුළ සංසරණය වන වීඩියෝව පහතින් (අසභ්‍ය වචන සංස්කරණය කර Silence කර ඇති බව සලකන්න)
0 Comments