/justin-bieber-cancels-shows-after-half-of-face-left-paralysed

බටහිර පොප් සංගීතයේ වර්තමාන කිරුළ දරන ගායක ජස්ටින් බීබර් තමන් දුර්ලභ අංශභාග රෝගයකට ගොදුරුව සිටින බව හෙළි කළේය. බීබීසීය වාර්තා කරන පරිදි ඔහුගේ මුහුණෙන් අඩක් අංශභාග තත්ත්වයට පත්ව ඇත.
'රැම්සේ හන්ට් සින්ඩ්‍රෝමය' Ramsay Hunt syndrome ලෙස හඳුන්වන මෙම රෝගය නිසා ඔහුට මුහුණේ කොටසක කිසිදු ස්පර්ශයක් නොදැනෙයි. සිනාසීමට පවා නොහැකිය.


සිකුරාදා සමාජ මාධ්‍යවල වීඩියෝවක් බෙදා ගත් ජස්ටින් බීබර් කියා සිටියේ තමාට 'රැම්සේ හන්ට් සින්ඩ්‍රෝමය' ඇති බවත් රෝගය සුව වනතුරු සංගීත වැඩසටහන් සියල්ල අවලංගු කරන බවයි.
රෝගය සුව කළ හැකිද යන්න ගැන හෝ එය සුවවිය හැකි දිනයක් ගැන වෛද්‍යවරුන් අදහස් දක්වා නැත.



ටොරොන්ටෝ සහ වොෂින්ටන් ඩීසී හි සංදර්ශන වල සියලු ටිකට්පත් විකිණී අවසන්වූ පසුබිමක සිය රසිකයන්ට ඇතිවිය හැකි අපහසුතා නිසා අවලංගු කළේ සාධාරණ හේතුවකට බවට තමාව විශ්වාස කරන්න යන්න දැන්වීමට බිලියනපති ගායකයා මෙම වීඩියෝව බෙදා ගත් බව පැවසේ.

වීඩියෝවේ ඔහු පෙන්නුම් කළේ ඔහුට මුහුණේ එක් පැත්තක් චලනය කිරීමට අපහසු බවයි. ඔහු මෙම වීඩියෝවේ ශීර්ෂ පාඨයේ ලියා ඇත්තේ, "කරුණාකර මෙය ඉතා වැදගත් බව බලන්න. මම ඔබ සැමට බොහෝ සේ ආදරය කරන අතර ඔබගේ යාඥාවන් තුළ මා තබා ගන්න." යනුවෙනි.
ජස්ටින් වීඩියෝවේ මෙසේ පැවසීය, "මෙය මගේ ඉදිරියට එන සංදර්ශන අවලංගු කිරීම ගැන කලකිරී සිටින අයටයි, මට ඒවා කරන්න ශාරීරිකව හැකියාවක් නැහැ. මගේ ශරීරය මට කියනවා ටිකක් වේගය අඩු කරන්න කියලා. මම ඔයාලට මේක තේරෙයි කියලා හිතනවා. මට මේ මූණෙන් හිනා වෙන්නවත් බෑ. මේ පැත්තේ නාස් පුඩුවත් හෙල්ලෙන්නේ නෑ. මේ පැත්ත මගේ මූණ සම්පූර්ණයෙන්ම අඩපණ වෙලා" යැයි ඔහු කීවේය.

ඔහු පැවසුවේ යථා තත්ත්වයට පත්වීමට කොපමණ කාලයක් ගතවේදැයි තමා නොදන්නා බවයි. කෙසේ වෙතත් විවේකය සහ ප්‍රතිකාර මගින් එය සම්පූර්ණයෙන්ම සුව වනු ඇතැයි තමන් විශ්වාස කරන බවද ඔහු කියා සිටියේය.
28 හැවිරිදි ජස්ටින් බීබර් ඉතා අඩුවයසකදී එනම් වයස අවුරුදු 13 දී ගායන ලොවේ කීර්තිය අත්කර ගත්තේය. ජස්ටින් ග්‍රැමී සම්මාන දෙකක් දිනා ගත් අයෙකි. ඔහුට දිගටම කරදර සිදුවිය..මාර්තු මාසයේදී ජස්ටින්ගේ බිරිඳ හේලි බීබර් මොළයේ රුධිර කැටි ගැසීමක් හේතුවෙන් රෝහල් ගත කර තිබුණි.
(බීබීසී  ඇසුරිනි - Gossiplankanews.com)