
ශ‍්‍රී ලංකාව ණය ගෙවීම පැහැර හැරීම ව්‍යාජයක් බවත් ශ‍්‍රී ලංකා රජයේ ඉහළ නිලධාරීන් විසින් සැලසුම් සහගතව සිදු කරනු ලැබූවක් බවත්, ණය ප‍්‍රතිව්‍යූහගත කිරීමේ සාකච්ඡාවලින් දේශීය බැංකු තබා ඇති බැඳුම්කර පැහැර හැර ඇති බවත් දක්වමින්
ඇමෙරිකාවේ ‘හැමිල්ටන් සංචිත බැංකුව’ ශ්‍රී ලංකාවට එරෙහිව නඩු මඟට යොමු ව තිබෙන බව ඇමෙරිකාවේ ‘බ්ලූම්බර්ග්’ පුවත් සේවය වාර්තාවක් පළ කර තිබේ.
ශ‍්‍රී ලංකාවට එරෙහිව, නිව්යෝර්ක් ෆෙඩරල් අධිකරණයේ නඩුවක් ගොනු කිරීමට හැමිල්ටන් සංචිත බැංකුව කටයුතු කරන බව ඒ අනුව වාර්තා කර තිබේ.
ශ්‍රී ලංකාවේ ජූලි මස 25 කල් ඉකුත්වන සියයට 5.875 ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරවලින් ඩොලර් මිලියන 250 කට වඩා වැඩි මුදලක් මෙම ‘හැමිල්ටන් රිසර්ව්ස්’ බැංකුවට හිමි බව පැවසෙන අතර ශ‍්‍රී ලංකාවට ලබා දී ඇති ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර වල වටිනාකම සහ ගෙවීමට ඇති පොලිය ජූලි 25 වැනිදා වන විට සම්පූර්ණයෙන්ම ගෙවා අවසන් කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් මොවුන් නඩු පවරන්නට උත්සාහ කරයි.
ශාන්ත කිට්ස් සහ නෙවිස් හි පිහිටි හැමිල්ටන් සංචිත බැංකුව ගොනු කළ නඩුවේ පැමිණිල්ලේ ශ‍්‍රී ලංකාව ණය ගෙවීම පැහැර හැරීම රාජපක්ෂ පවුල ඇතුළුව ශ‍්‍රී ලංකා රජයේ ඉහළ පෙළේ නිලධාරීන් සැලසුම් සහගතව සිදු කර ඇති බව සඳහන් වෙයි.
Comments
Post a Comment
Your comment will be visible after approval