මේ වන විට පළාත් සභා අහෝසි වී ඇතත් පළාත් සභා නවයේ සභාපතිවරුන් හා ඔවුන්ගේ කාර්ය මණ්ඩල නඩත්තුව සඳහා පමණක් එක් මසකට රුපියල් මිලියන 9.5ක මුදලක් වැය කිරීමට රජයට සිදුවී තිබේ.
මේ අනුව පසුගිය වසරක කාලයේ මෙම පළාත් සභා නවය සඳහා නිකරුණේ වියදම් කර ඇති මුදල රුපියල් මිලියන 114කි.
ඌව පළාත් ප්රධාන ලේකම් උපාලි ජයසේකර සඳහන් කළේ පළාත් සභා අහෝසි වී ඇතත් මේ වන විට පළාත් සභා සභාපතිවරුන් හා ඔවුන්ගේ කාර්ය මණ්ඩල අහෝසි වී නොමැති බවය.
ජනාධිපති ලේකම්වරයාගේ 2018-10-12 දිනැති අංක PS/CSA/01/04/02 /චක්රලේඛයට අනුව පළාත් සභාවක සභාපතිවරයකුට වැටුප හා දීමනාවලට අමතරව කාර්ය මණ්ඩලය සඳහා දස දෙනකු නිල රථයක් හා එයට මසකට ඉන්ධන ලීටර් 600ක් රුපියල් 20,000 මාසික දුරකථන, දීමනාවක් හා රුපියල් 15,000ක තැපැල් දීමනාවක් හිමිය.
ඊට අමතරව ඔහුගේ පුද්ගලික ලේකම්වරයාට නිල රථයක් හා ඒ සඳහා මසකට ඉන්ධන ලීටර් 240ක් රුපියල් 5000ක දුරකථන දීමනාවක් මසකට පැය 100ක අතිකාල හා වැටුප් හා දීමනා හිමිවේ.
සභාපතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයාට වැටුප් හා දීමනාවලට අමතරව නිල රථයක් හා ඒ සඳහා මසකට ඉන්ධන ලීටර් 218 හිමිවේ.
ඊට අමතරව පළාත් සභාවක සභාපතිවරයකුගේ කාර්ය මණ්ඩලයට මහජන සම්බන්ධතා නිලධාරියකු පුද්ගලික සහකාරවරයකු කළමනාකරණ සහකාරවරුන් දෙදෙනකු කාර්යාල සේවකයන් දෙදෙනෙකු හා රියැදුරන් දෙදෙනෙකු හිමිය.
(රංජිත් ගුණවර්ධන -අරුණ)
0 Comments