bus-fares-hike-22

අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු 22%කින් ඉහළ දමා තිබේ.
ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් මෙම නිවේදනය නිකුත් කර ඇත.


ඒ අනුව අවම ගාස්තුව රුපියල් 40 කි. මීට පෙර අවම ගාස්තුව රුපියල් 32 කි.
බස්ගාස්තු ප්‍රතිශත වැඩවීම අනුව ගාස්තු වැඩිවන අයුරු සවස ප්‍රසිද්ධ කිරීමට නියමිතය.
අවසන්වරට පසුගිය මැයි 25 ද බස් ගාස්තු වැඩිවීමක් සිදු කළ අතර මාසයකින් පමණ නැවත සියයට 22  බස් ගාස්තු වැඩිකිරීම විශේෂිතය.
මෙම වසර තුළ අවස්ථා 4 ක ගාස්තු මිල ඉහළ දමා ඇත. කොමිෂන් සභාව පවසන්නේ ඉන්ධන මිලට සාපේක්ෂව සලකා සියයට 22 දක්වා ඉහළ දැමීම සිදු කළත් සත්‍ය ලෙසම සියයට 33 ක් ඉහළ දැමිය යුතු බවට ගණනය කිරීම් ලැබී ඇති බවයි. කෙසේ වෙතත් නිර්ණායක 11 ක් සලකා ඉන්ධන මිලට සාපේක්ෂව පමණක් බස් ගාස්තු වැඩි කිරීම නොකොට කාටත් සාධාරණ ප්‍රමාණයකින් මෙවර වැඩි කළ බවයි.