බූස්ස වැල්ලබඩ ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයකදි වෛද්‍යවරියක් පදවාගෙන පැමිණි මෝටර් රථයක් අනතුරකට ලක්වීම නිසා රථයට අලාබ සිදුවී රථයේ ගමන් කළ කාන්තාවක තුවාල ලබා ඇතැයි වාර්තා විය.
අද (01) උදේ බෙලිඅත්ත සිට මරදාන බලා ධාවනයවු සාගරිකා දුම්රියේ හැපී මෙම අනතුර සිදුවිය.
වෛද්‍යවරිය හරස් මාර්ගය වේගයෙන් තරණය කරන්නට උත්සාහ දරා ඇත්තේ දුම්රිය එහි නොගෑවේ යයි කල්පණා කරය.
එම අවස්ථාවේ එහි කොණක ගෑවුණ දුම්රිය නිසා වාහනය පැත්තට හැරී ගිය මුත් විශාලඅනතුරක් සිදුවීම වැළැකිණි. හරස් මාර්ගයේ විදුලි සංඥා තිබුණත් ඒවා අක්‍රියවි ඇති බවද වාර්තා විය.
අම්බලන්තොට රිදියගම පුනරුත්ථාපන කඳවුරේ සේවය කරන රත්ගම ගණේගොඩ පදිංචි වෛද්‍යවරියක සිය නිවසේ සිට තම ඥාති කාන්තාවක කැටුව බස් නැවතුම්පොල වෙත එමින් සිටියදි මෙම අනතුර සිදුව තිබේ.
අනතුරෙන් වෛද්‍යවරියට තුවාල සිදුවි නොමැත. අතර
ඉදිරි අසුනේ සිටි ඇයගේ ඥාතියා සුලු තුවාල ලබා තිබේ.
මෙම අනතුර හේතුවෙන් අද උදෑසන දුම්රිය ප්‍රමාදයක්ද සිදුවිය.
0 Comments