cardinal-thera-speaks

රට කළ නොහැකි පාලකයන් යන්න ඕනෑ යැයි මැල්කම් කාදිනල් රංජීත් අගරදගුරුතුමෝ පැවසූහ. උන්වහන්සේ මෙසේ පැවසුවේ කොච්චිකඩේ සාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික දේව මෙහෙයට පෙරේදා (13)

පස්වරුවේ සහභාගි වෙමිනි. මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමෝ එහි දී මෙසේ ද සඳහන් කළහ.

‘අද බලන්න අපේ රටට වෙලා තියෙන දේ. ජනතාව හිගා කන තත්වයට පත් වෙලා. රට සෞභාග්‍යය කරා ගෙන යනවා ආසියාවේ ආශ්චර්ය කරනවා කියලා පාලකයන් බලයට ආවේ. කෝ අද ඒ සෞභාග්‍යය"

“ජනතාව තෝරා ගත්ත නිසා එල්ලිලා ඉන්න ඕනේ කියලා සමහරු කියනවා. ජනතාව ඔබලා තෝරාගත්තේ බලය අල්ලන් ඉන්න නොවෙයි. බලය දුන්නේ ජනතාවට සේවය කිරීමට මිසක් බලය අල්ලන් ඉන්න නොවෙයි. කරන්න බැරි නම් යන්න ඕන"   "පසුගිය මැයි මාසේ නව වැනිදා සිදු වෙච්ච සියලු සිදුවීම් අපි හෙළා දකිනවා. ඝාතනය භීෂණය මිනීමැරුම් ආගමික චින්තනයට ගැලපෙන්නෙ නෑ. නමුත් හැමදේම පටන් ගත්තෙ කොතනින්ද කියලා අපි දන්නවා. මිනිස්සු සිරභාරයට විතරක් අරගෙන ප්‍රශ්න විසඳුවා කියලා හිතන එක මහ මෝඩකමක්”යැයිද අගරදගුරුතුමෝ සඳහන් කළහ.