පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ඊයේ (27දා) කොළඹදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් මෙසේ කීය.
"තෙල් ගෙන්නන්න බනිජ තෙල් නීතිගත සංස්ථාවේ ලියාපදිංචි වූ ආයතන තියෙනවා. දැන් මේ ආණ්ඩුව කරන්නේ එසේ ලියාපදිංචි වෙලා ඉන්න නිල සැපයුම්කරුවන්ගෙන් පිට එක එක්කෙනාගෙන් තෙල් ගන්න උත්සාහ කරනවා. නැව් 06ක් ගේනවා කිව්වා. 04ක් ගේනවා කිව්වා. අන්තිමට 02ක් ගේනවා කිව්වා. දැන් එකක්වත් නෑ. මේකේ තව භයානක පැත්තක් තියෙනවා. 2012දී මේ වගේ දෙයක් කළා. වාහන පාරේ නැවතුනා ප්‍රමිතියකින් තොර තෙල් ගෙනල්ලා.
ඒ නිසා මේ රටේ ලියාපදිංචි වෙලා ඉන්න දේශීය නියෝජිතයෝ ඉන්නවා. ආයතන තියෙනවා. එක එක්කෙනා අරහෙන් මෙහෙන් ගෙනල්ලා ගහන ඒවා ගහන් ගිහින් වෙන්න තියෙන විනාශය ඉතා අධිකයි. නාමල් රාජපක්ෂ මහත්තයා ගිහිල්ලා තෙල් සංස්ථාවේ ඇමතිතුමා එක්ක වාඩි වෙනකොටම මේ තෙල් නැවටත් මේ ආනිශංසය වෙන විත්තිය අපි දැනගත්තා. දැන් මිනිස්සු එකක් තේරුම් ගන්න ඕන දැන් රටේ තෙල් නෑ. මේ අර්බුදයට සම්පුර්ණයෙන්ම වගකිව යුතු අය තාමත් නිදැල්ලේ. නිදැල්ලේ විතරක් නෙවෙයි තාමත් ජනාධිපති ධුරය උසුලනවා, ඒ වගේම තෙල් සංස්ථාව පාලනය කරන්න යනවා. විදුලිබල මණ්ඩලය පාලනය කරන්න යනවා.
අද තමන්ට කිරිපිටි නැතුව, බේත් නැතුව, තෙල් නැතුව, ගෑස් නැතුව, දරුවා පාසල් යවාගන්නේ නැතුව, රැකියාවලට යන්නේ නැතුව, මුළු රටම හිර කරලා තියෙන්නේ තනි පවුලක් විසින් බව මහජනතාව තේරුම්ගත යුතුයි.ඒ තනි පවුලට විරුද්ධව එක්තරා බැංකුවක් නඩු පවරලා තියෙනවා ඇමෙරිකා එක්සත් ජනපදයේ ඔවුන්ගේ දේපළ, සොරාගත් ධනය තියෙනවා කියලා. රාජපක්ෂවරු වහාම අර බදු පාරාදීසවල හංගපු ධනය රටට ලබා දීලා වහාම තමන්ගේ ධුරවලින් ඉවත් වෙනෙයි කියන තැනට මුළු රටේම ජනතාව දැන් කටයුතු කරන්න ඕනේ. 55 ලක්ෂයක් පවුල්වලට තවත් මේ දුක දරාගන්න බෑ.
ඒ නිසා මංකොල්ලකන ලද ඩොලර් බිලියන ගාණක ධනය ඒ බදු පාරාදීසවලින් හා ඔවුන්ගේ දේපළවලින් ලබාදීලා ඔවුන් මේ දේශපාලනයෙන් සහමුලින්ම ඉවත් කරනකන් මේ රටේ මේ ප්‍රශ්න විසදෙන්නේ නෑ. අපේ ජාතික, ජාත්‍යන්තර ප්‍රතිරූපය ගොඩනැගෙන්නේ නෑ. රුසියාවේ නෙවෙයි සයිබීරියාවේ නෙවෙයි ලෝකේ කොහේ තෙල් තිබුණත් අපට ඒවා ලබාගන්න හැකියාවක් නෑ. අපේ දරුවන්ට බේත් ටික නෑ. අපේ දරුවන්ට පාසල් යන්න විදිහක් නෑ. මිනිස්සුන්ට රැකියාවලට යන්න විදිහක් නෑ. ගෙදර විදුලිය නෑ. දිනපතාම අපේ කර්මාන්ත ටික ඇද වැටෙනවා. සේවා ටික ඇද වැටෙනවා.
මුළු රටම 1960 දශකයට ගෙනිහිල්ලා තියෙනවා. ඒ නිසා ඔය විවිධ දූත පිරිස් කොහේ ඇවිත් මේ රාජපක්ෂවරු මුල් පුටුවල ඉඳගෙන තෙල් සංස්ථාව සහ විදුලිබල මණ්ඩලය මෙහෙයවන තැනට ඒ අදාළ පුද්ගලයන්ට අදාළ ඇමතිවරුන්ට ඒ කටයුත්ත කරන්න නොදී කටයුතු කරනකන් වැඩේ සාර්ථක වෙන්නේ නෑ. මේ රජයට දැන් නවරමක් නැහැ. 69 ලක්ෂයක් ඡන්දේ දුන්නා කිවිවට 2/3 බලය ලැබුණයි කිව්වට එහෙම ජනවරමක් දැන් නැහැ. මෑතදී පැවැත්වුවා ජනමත සමීක්ෂණයක් ඩේලි මිරර් වෙබ් අඩවියෙන් 67% ක්, 2/3 රටේ ජනතාව ජනාධිපතිවරයා මේකට වගකිව යුතුයි කියලා ප්‍රකාශ කරලා තියෙනවා.
ඉතින් ඒ වගේම 96%ක් රාජපක්ෂවරුන් මේකට වගකිව යුතුයි කියලා මීට ප්‍රථම පවත්වපු ජනමත සමීක්ෂණවල තියෙනවා.
මේ රටේ පවත්වපු හැම ජනමත සමීක්ෂණයකින්ම ජනතාව එක හඩින්, ඒකමතිකව කියන්නේ ඒ දේ. සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවන්න. නිශ්චිත දින සහිතව ඊළඟ මහ මැතිවරණය දක්වා වෙන අතකාලීන පාලනයක් පිහිටුවන්න. පොදු එකඟතාවක් ඇති කරගන්න රට පාලනය කරන්න. එතකොට විපක්ෂ නායක විතරක් නෙමෙයි, විපක්ෂයේ අපි සියලු දෙනාමත් මේ ආණ්ඩුවේ වගකීම භාරගන්න සූදානම්”
0 Comments