2018, 2019 කාලසීමාවට අදාළව විදුලිබල මණ්ඩලය රුපියල් මිලියන 3,100ක් වැය කරමින් විදුලි ජනන යන්ත්‍ර 50ක් මිලදී ගන්නා විටම එම යන්ත්‍ර ක්‍රියාකාරී තත්වයේ නොපැවතීම පිළිබඳ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ කෝප් අවධානය යොමුව තිබේ. ඒ අනුව මේ පිළිබඳ වාර්තාවක් සති 02ක් ඇතුළත ලබාදෙන ලෙස විගණකාධිපති දෙපාර්තමේන්තුවට කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා නිර්දේශ කළේය. මේ පිළිබඳ අවධානය යොමු වූයේ ලංකා විදුලිබල මණ්ඩලයේ 2018 සහ 2019 වර්ෂයන්ට අදාළ විගණකාධිපති වාර්තා හා වර්තමාන කාර්යසාධනය පිළිබඳ පරීක්ෂා කිරීමට පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව,
එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී. රැස් වූ අවස්ථාවේදීයි. මෙම විදුලි ජනන යන්ත්‍ර 50 පිළිබඳ තොරතුරු සාකච්ඡා කිරීමේදී කමිටුවේ සාමාජික මන්ත්‍රීවරුන්ද මේ පිළිබඳ අදහස් දැක්වීම සිදු කළ අතර, ඔවුන් පෙන්වා දුන්නේ මෙම විදුලි ජනන යන්ත්‍ර මිලදී ගන්නා විට ක්‍රියාකාරී තත්වයේ නොපැවතී ඇති බවයි. මේ නිසා මෙම මිලදී ගැනීම්වලදී තත්ත්ව පරීක්ෂාවක් සිදු වූවාද යන්න සහ මේ සඳහා වියදම් වූ මිල පිළිබඳ ඔවුන් විසින් විමසන ලදී.මෙහිදී පැමිණ සිටි නිලධාරීන් පෙන්වා දුන්නේ මෙම මිලදී ගැනීම්වලදී නිලධාරින් පරික්ෂාවක් සිදු කර ඇති බවත්, එම මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 3100ක් වැයවූ බවත් අද වන විට මෙම ජනන යන්ත්‍ර 50ම ක්රියාකාර්තු පවතින බවත්ය. මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ කාරක සභා සාමාජික මන්ත්‍රීවරු සඳහන් කළේ මෙම ජනන යන්ත්‍ර මුල්කාලීනව ක්‍රියාත්මක නොවූ බවත්, නවීකරණය කිරීමෙන් පසු ක්‍රියාත්මක වන බවත්ය. ඒ අනුව කුමන ආණ්ඩු කාලසීමාවක මිලදී ගත්තද ක්‍රියාකාර් තත්වයේ නොපවතින ජනන යන්ත්‍ර මිලදී ගැනීම පිළිබඳ විධිමත් පරීක්ෂණයක් සිදු කළ යුතු බව කාරක සභා සාමාජිකයන් අවධාරණය කළහ.
එසේම LTL සමාගම සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය සතු අයිතිය සම්බන්ධයෙන්ද, මෙම සමාගම විගණනය කරන්නේ කවුරුන්ද යන තීරණය ගැනීමේදී රාජ්‍ය විගණනයෙන් ඉවත්වීමට විදුලිබල මණ්ඩලයට හැකියාවක් තිබේද යන්න සම්බන්ධයෙන්ද කෝප් කමිටු සභාපතිවරයා විසින් මෙහිදී විමසන මේ අනුව පැමිණ සිටි නිලධාරීන් පෙන්වා දුන්නේ මෙම සමාගමේ කොටස්වලින් 63%ක් ලංකා විදුලිබල මණ්ඩලයට හිමි වන බවයි. ඒ අනුව වැඩිම කොටස් ප්‍රමාණයක් ලංකා විදුලිබල මණ්ඩලයට හිමිව තිබියදී තාක්ෂණික කරුණක් මත මෙම ආයතනය රාජ්‍ය විගණනයෙන් ඉවත් කර ඇති බව කෝප් කමිටු සභාපතිවරයා පෙන්වා දුන්නේය.එබැවින් මේ පිළිබඳ වාර්තාවක් සතිය දෙකක් ඇතුළත කෝප් කමිටුවට ලබාදීමට හෙතෙම නිර්දේශ කළේය. මෙහිදී විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා සති දෙකක් ඇතුළත මෙය විසඳීමට කටයුතු කරන බව පැවසීය. තවද ඇඹිලිපිටිය ඒස් පවර් බලාගාරයෙන් විදුලිය මිලදී ගැනීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය. මෙම බලාගාරයෙන් විදුලිය මිලදී ගැනීමේදී නව ගිවිසුම්වලට එළඹීම පිළිබඳ කෝප් කමිටු සභාපතිවරයා ප්‍රශ්න කළේය.
පැමිණ සිටි සාමාජික මන්ත්‍රීවරු විසින්ද විදුලිය මිලදී ගැනීමට නව ගිවිසුමක් සකස් කිරිමේදී මිල ගණන් තීරණය කිර්ම සිදු වන ආකාරය පිළිබඳ විමසන ලදී. මේ සඳහා නිශ්චිත පිළිතුරක් ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරින්ගෙන් නොලැබුණ අතර, මාසයක් ඇතුළත මේ පිළිබඳ වාර්තාවක් ලබාදෙන ලෙසද කෝප් කමිටු සභාපතිවරයා නිර්දේශ කළේය. එසේ දිගුකාලීන ජන සැලැස්ම පිළිබඳවද සාකච්ඡා වූ අතර, මෙහිදී සඳහන් වූයේ 2022 - 2041 වර්ෂය. සඳහා සකසා ඇති නව ජනන සැලැස්ම පිළිබඳ තොරතුරු විගණකාධිපති දෙපාර්තමේන්තුවට ලැබී නැති බවයි. විගණකාධිපති දෙපාර්තමේන්තුව සතුව පවතින්නේ 2018 - 2037 වර්ෂය සඳහා සකස් කළ ජනන සැලැස්මට අදාළ තොරතුරු බව මෙහිදී සඳහන් විය. මේ අනුව කෝප් කමිටු සභාපතිවරයා නිර්දේශ කළේ කඩිනමින් අනුමතිය ලැබී ඇති නව ජනන සැලැස්ම විගණකාධිපති දෙපාර්තමේන්තුවට ලබාදීමට කටයුතු කරන ලෙසයි. මෙහිදී පැමිණ සිටි නිලධාරීන් පෙන්වා දුන්නේ 2019ට පෙර පැවැති ආණ්ඩුවේ ප්‍රතිපත්ති අනුව පුනර්ජනනීය බලශක්තිය 50%ක් සපුරාලීමේ අවශ්‍යතාව පෙන්වා දුන්නද, නව රජය බලයට පත්වීමත් සමග පුනර්ජනනීය බලශක්ති අවශ්‍යතාව 70% ක් ලෙස පෙන්වා දුන් බවයි. ඒ අනුව නව ජනන සැලැස්ම සකස් කළ බව ඔවුහු පෙන්වා දුන්හ. මෙහිදී කෝප් කමිටු සභාපතිවරයා පෙන්වා දුන්නේ දේශපාලන අධිකාරිය වෙනස්වීම මත ප්‍රතිපත්ති වෙනස් වුවද ජනන සැලැස්ම වෙනස් නොවී පවත්වාගෙන යාම වැදගත් වන බවයි.
(දිනේෂ් සමරකෝන්)
0 Comments