
ඉන්ධන ලබා දෙන්නැයි ඉල්ලමින් පිරිසක් විරෝධය පෑම නිසා ගාලු පාර දෙහිවල ප්‍රදේශයෙන් මුළුමනින්ම අවහිර වී ඇත.
ගාලු පාර ඔස්සේ කොළඹට පැමිණෙන රථ වාහනවලට විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය ඉල්ලා ඇත.
ඉන්ධන ඉල්ලා පංචිකාවත්ත මංන්ධියෙන් ද මාර්ගය අවහිර කරමින් ජනතාව විරෝධතාවක නිරත වූ නිසා ටික වේලාවකට මාර්ග අවහිරතාවක් ඇතිවිය. පැය භාගයකට ආසන්න කාලයක් විරෝධතාවය පැවැත්විණි.
පොලිසිය පැමිණ පැයකින් ඉන්ධන ලබා දීමේ පොරොන්දුව මත ජනතාව ඉවත් කර මාර්ගය විවෘත කර තිබේ.
මේ අතර කුරුදුවත්ත පොලිස් බල ප්‍රෙද්ශයේ මාර්ග කිහිපයක් අවහිර වී ඇත්තේ අන්තර්විශ්ව විද්‍යාලීය සිසුන් සිදුකළ විරෝධතා පාගමනක් නිසාය.
Comments
Post a Comment
Your comment will be visible after approval