ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා ජාතික ලැයිස්තුවෙන් ඇතුළත්වී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙන්නටත් පසුව තාක්ෂණ හා ආයෝජන ප්‍රවර්ධන ඇමති ලෙස ජනපතිඉදිරියේ දිවුරුම් දෙන්නටත් සූදානමක් පවතින බව දේශපාලන ආරංචි මුලින් පැතිර ගිය නමුත් පසුව ඔහුට පාර්ලිමේන්තුවට එක්වීමට ඇති බාධාවක් ලෙස ඔහුගේ නමින් පුද්ගලික ව්‍යාපාර පැවතීම හේතු විය.
නීති විශාරදයින් සදහන් කළේ ඔහුගේ නමට පවතින ව්‍යාපාර විශාල ප්‍රමාණයක අයිතිය වෙනස් කිරීම අපහසු වන බැවින් ඔහුට එක්වරම දේශපාලකයෙකු බවට පත්වීම අසීරු වන බවයි. යම් හෙයකින් ඔහු භාරගන්නා අමාත්‍යංශයේ මූල්‍යමය ගනුදෙනුවක කොටසක් හෝ ඔහුගේ වයාපාරයේ නමක් හා ඇදුනහොත් ඔහුට මන්ත්‍රීධූරය අහිමිවීමට ඉඩ පවතින බැවිනි.
කෙසේ වෙතත් මෙම බාධාව නිසා තමා මන්ත්‍රී ධූරයට පත්කරනවාට ධම්මික මුලදී අදිමදි කර ඇති නමුත් පසුව ඔහු නම් වෙනස් කරන යෝජනාවට එකගවී රට වෙනුවෙන් තීරණයක් ගන්නට යන බව වාර්තාවේ.
මෙහිදී ඔහු සතුව තිබෙන කොටස් ඔහුගේ පවුලේ සාමාජිකයින් වෙත පවරා හිමිකාරත්වයේ වෙනසක් සිදු කිරීමට ඔහු සූදානම්වී ඇත.
මින් ඉහත තිලංග සුමතිපාල වැනි ව්‍යාපාරිකයින්ද පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයන්ට පත්වූයේ එම ක්රමයටය.
උදෑසන වාර්තා වූයේ ධම්මිකට අදාළ තාක්ෂණ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශයේ වැඩ ලැයිස්තුව ජනපති ගැසට් කර ඇති බවයි.
එසේම ධම්මිකගේ නම මන්ත්‍රී ධූරයක් සදහා නම් කර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ඉල්ලීමක් කර ඇත්තේ ඔහුට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක්ලබාදෙන ලෙසය.
ව්‍යාපාර හිමිකාරත්වයට අදාළ ලිපිගොනු සමග නම් වෙනස් කිරීමේ පොරොන්දු පත්‍රයක් සමග මෙම යෝජනාව යොමු කර ඇති බවත් වාර්තා වන අතර ඉදිරියේදී කොමසාරිස්වරයාගේ අනුමැතිය ලැබුනහොත් ඔහුට මන්ත්‍රීධූරයට මෙන්ම ඇමති ධූරයට යා හැකි බව වාර්තාවේ.
0 Comments