ආයෝජන ප්‍රවර්ධන නව ඇමති ධම්මික පෙරේරා මහතා ඊයේ දෙරණ 360 වැඩසටහනට පැමිණ කියූ කරුණු සාරාංශ වශයෙන් මෙසේය.
‘මේ වගේ වෙලාවක් ආවම රට වෙනුවෙන් යමක් කරන්න තමා මං ආවෙ. රටට අමාරු වුණ නිසයි පොඩි තැනකට ඇවිල්ල වැඩ කරන්න හිතුවේ. මට ඇත්තටම ආරාධනයක් ලැබුනේ. මං ඉල්ලන්න ගියේ නැහැ. මං ජීවිතේ විවිධ දේ අත්හදා බලා තියෙනවා. මේක තවත් එවැනි දෙයක් නෙමේ. රට දැන් පත්වෙලා තියෙන තත්වය අනුව අත්හදා බලන්න බැහැ.
මේක මට බැරිවුනොත් මගේ ප්රතිරූපයත් ඉවරයිනෙ. ඉතින් මං අවදානමක් ගත්තෙ. මං ප්‍රවාහන අමාත්‍යංශේ හිටපු ලේකම් වරයෙක්. දැන් ප්‍රවාහනයත් නැතිවෙලා ගිහින් තමයි. වෙලා තියෙන්නෙ ඩොලර් නැති කම. ඉන්ධන ගේන්න සල්ලි නැහැ. කලම්බු සිටි එකට අපි හදපු ප්ලෑන් එකක් තියනව. කොට්ටාව මොරටුව කඩවත පිළියන්දල වගේ බස් දාලා හැමෝටම කොළඹට එන්න ප්ලෑන් එකක්තියනවා. ඒක කරන්න තිබුණා.
පෙට්‍රල් නැති රටක අපි ඉන්නෙ. මං ඊයේ ගිහින් බීඕඅයි එකේ පොඩි සාකච්ඡාවක් කරා. මං ගිය ටිකට ජපන් ආයෝජකයෙක් ආවා ලබන සතියේ රැකියා අවස්ථා කීපයකට සයින් කරන්න එනව කිව්වා.
මොනොරේල් එක නිසා ජපානෙ තරහවුණ එක ගැන මට කියන්න බැහැ. ඒක හොඳ ප්‍රොජෙක්ට් එකක්. මට ඒ ගැන කියන්න බැහැ.
නමුත් අපි හොඳ දේ ඔවුන් සමග කළ යුතුයි.
නෙළුම් කුළුනේ පහත වර්ග අඩි 45000 ක ෂොපිං සෙන්ටර් එකක් වෙන්කර තිබෙනවා. එතන එහෙම දේකට නොයොදවා අයිටී පාර්ක් එකක් දාලා තරුණ ළමයින්ට වැඩ කරන්න දෙන්න අදහසක් තියෙනවා.ඒ ගැන එම සමාගම එක්ක සාකච්ඡා කරනවා.
පෝර්ට් සිටි එකේත් බ්‍රෑන්ඩින් කරල කරන්න තියන වැඩ ගොඩක් තියනවා. රටක් බ්‍රෑන්ඩ් කරන්න ඕන එහෙම නැතිව බැහැ.
හැමෝම හොඳ වැඩ කියල කරන කොට ඉන්නෙ ජනපති එක්ක. අනෙක් අය අයින් වෙනව වැරදුණාම. කාබනික පොහොර ප්‍රශ්නෙදි ගොවියො විතරයි විරුද්ධ පාරිභෝගිකයො ඇතුළු ඔක්කොම ජනපති එක්ක මුලින් හිටියෙ හැබැයි වැරදුනාම ජනපති අතෑරියා. එහෙම තමා මේ රටේ වෙන්නේ.
බොහෝ ඒවා ටෙන්ඩර් කරලා කරන්න බැරි තත්වයක් දැන් තියෙන්නෙ.
මගේ පුද්ගලික ධනයෙන් මාසෙකට මිලියන 50 ගාණෙ දාලා කරන්න තමයි ඉන්නෙ. පුද්ගලික සල්ලි වලින් දාලා හරි වැඩේ කරන්න තමා මේ පුටුවෙ ඉඳගත්තෙ.
පාස්පෝට් පෝලිම තෙල් පෝලිම වගේ තමා. දැන් රික්වෙස්ට් එකක් දුන්නොත් අගොස්තුවෙ අපොයින්ට්මන්ට් එක ලැබෙන්නෙ. මං ඒක වෙනස් කරනවා. මාතර අයට වන්ඩේ පටන් ගන්නා. කැන්ඩිත් පටන් ගන්නවා. වවුනියාවත් පටන් ගන්නවා. කුරුණෑගල අවශ්‍ය පහසුකම් දීලා කරනවා. තව සෙන්ටර්ස් 5 ක් අරින්න ඕන. වවුනියාවෙ එක මං මගේ සල්ලි වලින් අරිනවා. ඉතිරි 4 ට ඩොනේෂන් ගන්න බලනවා.
මට මේ වැඩට එන්න ගෙදරින් පර්මිෂන් දුන්නා... අම්මා මට කිව්ව රටේ මිනිස්සු බඩගින්නෙ ඉන්නවනම් අපි කාලා ඉඳල වැඩක් නැහැ ගිහින් වැඩ කරන්න කිව්වා. මගේ බිරිය දරුවන් තුන්දෙනා (22.19 හා 16) කිව්වා මාස 6 කට කරල බලන්න. එහෙම බැරිවුනොත් ‘තාත්ත කම් හෝම්‘ කියල අපි බොඩ් උස්සං ගෙදර ඉන්නව කියලා. මට පැය 960 යි තියෙන්නෙ. මං පොසිටිව් දෙයක් කරන්න වෙනවා.නැත්නං ගෙදර යන්න වෙනවා.
0 Comments