diana-gamage-women-ministry

මේ වනවිට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහින්ද රාජපක්ෂගේ හා ගොඨාභය රාජපක්ෂගේ බලය සිඳී යමින් පවතින බවටත් ඔවුනගේ හිතවතුන්ට තානාන්තර ලබාදීම වෙනුවට නව සැලසුමකට වැඩ කරගෙන යන බැසිල්ගේ උවමනාවන්ට ඉඩදී ඇතැයිද වාර්තාවේ.


ඒ අනුව පසුගියදා ජනපති අලුතින් ගැසට් කළ කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යධූරය මහින්ද හිතවාදී පවිත්‍රා වන්නිආරච්චිට ලැබෙන්නට නියමිත බවට පැවති ආරංචි බොරු කරමින්

එම තනතුරට බැසිල් හිතවාදී ඩයනා ගමගේ පත්කිරීමටතීරණය කර ඇතැයි දේශපාලන ආරංචි වාර්තා කර තිබේ.
අලුත් ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය තුල කිසිඳු කාන්තාවක නියෝජනය නොවන අතර මේ හේතුවෙන් මෙම තනතුර අනිවාර්යෙන්ම කාන්තාවකට ලබාදිය යුතු බවට අදහස් පළවීමෙන් පසුව ඩයනා මීට යෝජනාවී ඇත.
පාර්ලිමේන්තුවේ ආන්දෝලනාත්මක ප්‍රකාශ සිදු කරමින් කලෙක සිට පුවත් මවන්නියක වන ඩයනා තමන්ට වගකිව යුතු අමාත්‍යංශයක් ලබාදුනහොත් රට වෙනුවෙන් සේවය කළ හැකි බවට පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක්ද කර තිබුණි.
පසුගිය අප්‍රෙල් මස ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යධූරයද ඇයට පිරිනැමුණ නමුත් මැයි 09 වනදා කැබිනට් මණ්ඩල ඉවත්වීම සමග එම ධූර අහෝසි විය.