ඇමරිකාවේ වාසය කරන වර්තමානයේ ලොව ධනවත්ම මිනිසා ලෙස සැලකෙන ඊලොන් මස්ක්ට එරෙහිව බ්‍රහස්පතින්දා ඩොලර් බිලියන 258 වන්දි ඉල්ලා ඔහුගේ ආයෝජකයෙකු නඩු පවරනු ලැබුවේ ඔහුගේ Dogecoin නමැති මුදල් ක්‍රමයක් හරහා පිරමීඩ ජාවාරමක නිරතවන බව දක්වමිනි.
එම ආයෝජකයෙකු විසින් ගුප්තකේතන මුදල් සඳහා සහය දැක්වීම සඳහා ඊලෝන් පිරමීඩ ක්‍රමයක් ක්‍රියාත්මක කරන බවට ඔහුට චෝදනා කළේය.
මැන්හැටන් හි ෆෙඩරල් උසාවියේ ගොනු කරන ලද පැමිණිල්ලක දී, පැමිණිලිකරු කීත් ජොන්සන්, කියා සිටියේ ඊලෝන් මස්ක් විදුලි මෝටර් රථ සමාගමක් වන Tesla I සහ අභ්‍යවකාශ සංචාරක සමාගමක් වන SpaceX වැනි වත්කම් පෙන්වා, Dogecoin විශ්වාසය ඇති වන ලෙස හුවා දැක්වීමට සහ එහි මිල ඉහළ නැංවීමට ජාවාරම් ආකාරයේ ක්‍රියාවක නිරතවූ බවයි. ඔහු පිරිස් ඒ වෙත ඇදගෙන පසුව මිල පහත වැටීමට ඉඩ හැරියේය.
"Dogecoin හි වටිනාකමක් නොමැති බව 2019 සිට විත්තිකරුවන් දැන සිටි නමුත් තවමත් Dogecoin එහි වෙළඳාමෙන් ලාභ ලැබීම අපේක්ෂාවෙන් ප්‍රවර්ධනය කර ඇත," පැමිණිල්ලේ සඳහන් වේ.
මස්ක් සඳහා වැඩකරන නීතිඥයෙකු මේ වෙනුවෙන් යොමුවී සිටියත් ඔහු අදහස් දක්වා තිබුනේ නැත.
ජොන්සන් ඩොලර් බිලියන 86 ක අලාභයක් අපේක්ෂා කරන අතර, ඔහුට අවශ්‍ය වන්නේ මස්ක් සහ ඔහුගේ සමාගම් Dogecoin ප්‍රවර්ධනය කිරීමෙන් අවහිර කිරීමට සහ ෆෙඩරල් සහ නිව්යෝර්ක් නීතිය යටතේ Dogecoin වෙළඳාම සූදුවක් බව ප්‍රකාශ කිරීමටය.
ටෙස්ලා 2021 පෙබරවාරි මාසයේදී කියා සිටියේ තමන් ඩොලර් බිලියන 1.5 ක බිට්කොයින් මිලදී ගත් බවත් කෙටි කාලයක් සඳහා එය වාහන සඳහා ගෙවීමක් ලෙස පිළිගත් බවත්ය.
නඩුව නිව් යෝර්ක් දකුණු දිස්ත්‍රික්කයේ දිසා අධිකරණය වෙත යොමු කර ඇත.
forbes හෙළිකරන 2022 ලොව ධනපතියන්ගේ ලැයිස්තුව පහතින්
0 Comments