එංගලන්තය හා නෙදර්ලන්තය අතර අද(17) පැවැත්වෙන පළමු එක්දින තරගයේ මුල් ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත පිල ඕවර 50 අවසන කඩුළු 4 ට ලකුණු 498 ක් ලබා ක්‍රිකට් වාර්තා පොත අලුත් කළේය.
Amstelveen හිදී පැවැත්වෙන තරගයේදී එංගලන්තය වාර්තා කළ මෙම 498 ඔවුන් සතුව තිබූ වාර්තාවක් බිද දැමීමකි. මින් ඉහත ඔස්ට්‍රේලියාවට එරෙහිව කඩුලු 6කට ලකුණු 481ක් ලබා එංගලන්ත පිල එම වාර්තාවට හිමිකම් කීවේය.
මින් ඉහත 2006 දී ශ්‍රී ලංකා පිලද නෙදර්ලන්තයට එරෙහිව මෙම පිටියේදී ලකුණු 443 ක වාර්තාවක් තබා ඇති අතර එම වාර්තාව වැඩිම ලකුණු 4 වැනි තැන බවට දැන් පත්ව ඇත.
අද තරගයේදී ජොස් බට්ලර් පන්දු 70කදී විශිෂ්ට ලකුණු 162ක් ලබා ගත් අතර ඩේවිඩ් මාලන් සහ ෆිල් සෝල්ට් ද ඔවුන්ගේ මංගල එක්දින ශතක වාර්තා කළහ. පසුව ලියම් ලිවින්ග්ස්ටන් එංගලන්ත ඉනිමට ගිනිකෙළි කිහිපයක් එක් කළේ පන්දු 17කදී පමණක් එක්දින තරගයේ දෙවැනි වේගවත්ම අර්ධ ශතකය වාර්තා කරමිනි.
දෙපිලම ICC තරඟාවලි වලින් පිටත නිල ජාත්‍යන්තර තරඟ වලදී මීට පෙර කිසි දිනක හමු වී නොමැති අතර විස්සයි20 ලෝක කුසලානයේ දී නෙදර්ලන්තය දෙවරක් එංගලන්තය පරාජය කර තිබීමද විශේෂිතය.
0 Comments