රජයේ සේවකයින්ට සිකුරාදා දිනය නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කිරීමට අදාළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
ඒ අනුව ලබන සිකුරාදා දිනයේ (17) සිට අදාළ නිවාඩු දිනය ක්‍රියාත්මකවන බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.
අධ්‍යාපන, සෞඛ්‍ය, ජලය, විදුලිය, ආරක්ෂක සේවා, ප්‍රවාහන, වරාය සහ ගුවන් සේවා වැනි අත්‍යාවශ්‍ය සේවා සපයන රාජ්‍ය ආයතන හැර අනෙකුත් රාජ්‍ය ආයතනවල නිළධාරීන් සඳහා ඉදිරි මාස 03ක කාලයකට මෙම නිවාඩුව ක්‍රියාත්මක වේ.
දැනට පවතින ඉන්ධන හිඟය හේතුවෙන් මගී ප්‍රවාහනයට බාධා පැමිණ ඇති අතර එම තත්ත්වය යටතේ රාජ්‍ය අංශයේ සේවකයින්ට සිය ප්‍රවාහන පහසුකම් සපයාගැනීම ගැටලුවක් වී ඇති බැවින් නිවාඩු ලබාගෙන ඉදිරියේදී ඇතිවිය හැකි ආහාර හිඟයට මුහුණදීමට වගා කටයුතු සිදුකරගන්නට මෙම පියවර ගත් බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.
අදාළ කැබිනට් නිවේදනය පහතින්
0 Comments