පොදු ප්‍රවාහනයට,කර්මාන්ත ශාලා හා අනෙක් ඒවාට ප්‍රමුඛතාව දෙමින් අනෙක් අයට සලාක ක්‍රමයට ඉන්ධන ලබාදීමට තීරණය කර ඇතැයි ඇමති කංචන විජේසේකර දන්වා ඇත.
පොදු ප්‍රවාහනයට,කර්මාන්ත ශාලා හා අත්‍යවශ්‍ය සේවා සඳහා ඉන්ධන ලබාදීමේදී ප්‍රමුඛතාවය ලබා දිමට කටයුතු කරන අතර, අනෙක් අවශ්‍යතා සඳහා සලාක ක්‍රමයට ඉන්ධන නිකුත් කරන බවත් පැවසීය.
‘මේ වෙන කොට ඉන්ධන නිකුත් කිරීම අඩු කරල තියෙනවා. අපේ සැලසුමේ හැටියට ලබන 11 වැනිදා 12 වැනිදා අපි බලාපොරොත්තු වෙනවා පෙට්‍රල් හා ඩීසල් නෞකා දෙකක් ලබා ගන්න. 16 වෙනිදා IOC එකෙන් ඉන්දීය ණය ක්‍රමයෙන් එන අවසාන ඩීසල් නැව බලාපොරොත්තු වෙනවා. 22 අපි බලාපොරොත්තු වෙනවා පෙට්‍රල් එකක්. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනව බොර තෙල් නෞකාවක් 20ට ඉස්සෙල්ලා ගෙන්නන්න.
ඉන්දියන් ක්‍රෙඩිට් ලයින් එකේ ඩොලර් මිලියන 500යි 200යි දෙකම මේ නෞකාවත් එක්ක අවසන් වෙනවා. ඒ ව ගේම තව ම ිලියන 500ක ණය ක්‍රමයක් ඔවුන් අනුමත කරල තියෙනවා.අපි බලාපොරොත්තු වෙනවා ජුලි මාසයේ ඒ ටික ගෙන්න ගන්න. එළියෙ නෞකා තුනක් හතරක් ආසන්නයේ තියෙනවා. ඒ නෞකා හතරට ඩොලර් මිලියන 160ක් විතර ඕනේ. එක නෞකාවක් තියෙනවා දැවිතෙල් නෞකාවක් දැන් දවස් විස්සකට වැඩිය. ඒකට ඩොලර් මිලියන 30ක් අවශ්‍යයි. ඒකට අපිට ණයවර ලිපියක් නිකුත් කර ගන්න බැහැ.
දැන් වෙලා තියෙන්නෙ අපිට මහ බැංකුවේ අධිපතිතුමා ඩොලර් ප්‍රමාණයක් නිකුත් කරල තියෙනවා සතියක් විතර. ඒකට අවශ්‍ය රුපියල් ප්‍රමාණයේ අඩුවක් අපිට තියෙනවා. ‘
0 Comments