fuel-theft-marine-drive-lady-doctor

මේ දිනවල අධික ඉල්ලුමක් පවතින ඉන්ධන ලබාගැනීමට ජනතාව දුක් විඳිමින් පෝලිම්වල පීඩාවට ලක්වෙද්දී ඇතැමුන් හොර පාරෙන් ඉන්ධන ලබාගන්නට වෙහෙස දැරූ අවස්ථා දෙකක් ගැන සමාජ මාධ්‍ය වීඩියෝ මේ සමග පළවේ.
එක් අවස්ථාවක් වාර්තාවන්නේ කොළඹ මැරයින් ඩ්‍රයිව් ඉන්ධන පිරවුම් හළට ආසන්න ස්ථානයකදීය. පාරේ අනෙක්පස ඉන්ධන වාහන පෝලීම තිබියදී බවුසරයක් නවත්වා කිසිදු ලජ්ජාවක් නැතිව කුඩා කාර් රථයකට ඉන්ධන බුලී පුරවාගන්නා අතර හිස් බුලි ලබාදී පුරවන බුලි නැවත ලබාගැනීමක් සිදුවන අයුරු වීඩියෝවේ දැක්වේ.

මෙම වාහනය වෛද්‍යවරයෙකුට අයත් බවට එහි 'ඩොක්ටර් කොළ සලකුණ' සහිත ලේබලයක්ද අළවා තිබෙයි. වාහනය පදවන්නේ කාන්තාවකි. ඉදිරිපස අනෙක් අසුනේ තවත් කාන්තාවක එලියට බැස බුලි ලබාදීම සිදුකරන අතර කැමරාවට හසුවන බව දැනගත් පසු වහා වාහනයට නැගගෙන දොර වසාගන්නීය. අනතුරුව අවට සිටි අය කෑගසද්දී වෛද්‍යවරිය යයි සැක කළ හැකි රියදුරුවරිය වහා වාහනය ධාවනය කර පළායන ආකාරයද වීඩියෝවේ දැක්වේ. අනතුරු අවට සිටි අය පොලිසියට දැන්වීමෙන් පසු බවුසරය එතැනම තිබියදී පොලිසිය පැමිණ පරීක්ෂාවක් කරන අයුරුද වීඩියෝගතවී ඇත.


දෙවැනි සිද්ධිය වාර්තාවන ස්ථානය පැහැදිලි නැත. එහිදී පළල් පාරක් ඇති තැනක මේ ආකාරයටම බුලි වලට ඉන්ධන පුරවා මිනි වෑන් රථයකට ඒවා ලබාදෙන්නට බවුසරයේ සිටින දෙන්නා කටයුතු කරයි.

මෙම සිදුවීම් වලට අදාළ බවුසර මගින් ඉන්ධන ප්‍රවාහනය වහාම තහනම් කරන ලදැයි මේවා ආරංචිවූ පසු ඇමති කංචන විජේසේකර ට්විට් කර තිබේ.
අදාළ වීඩියෝ දෙක පහතින්
 



Video 01



Video 02