පෞද්ගලික බස් රථ සඳහා ශ්‍රී ලංගම ඩිපෝ හරහා ඉන්ධන නිකුත් කිරීමත් සමඟ පෞද්ගලික බස් රථ 18,000 න් 9,000 ක් පමණ දැනට රට තුළ ක්‍රියාත්මක වන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය.
ප්‍රමාණවත් බස් රථ සංඛ්‍යාවක් ධාවනයට එක් කර ඇති බැවින් මගී ප්‍රවාහන සේවා භාවිත කරන ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය.එ
ලංගම ඉන්ධන පිරවුම්හල් හරහා සැපයෙන ඉන්ධන හේතුවෙන් දැනට පෞද්ගලික බස් රථවලින් සියයට 50 ක් ධාවනයේ යෙදෙන බවද ඔහු පැවසීය.
කෙසේ වෙතත්, පෞද්ගලික බස් රථ භාවිත කරන මගීන් සංඛ්‍යාවේ විශාල අඩුවීමක් දක්නට ලැබෙන බව ඔහු සඳහන් කළේය.
අඩුපාඩු රැසක් මධ්‍යයේ වුවද ඉදිරි දිනවලදී පෞද්ගලික බස් රථ ප්‍රමාණය 12000ක් දක්වා වැඩි කර රට පුරා යෙදවීමට ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
0 Comments