රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නව සභාපති ලෙස විශේෂඥ වෛද්‍ය දර්ශන සිරිසේන මහතා පත් වී තිබෙන අතර, ලේකම් තනතුර සඳහා හරිත අලුත්ගේ මහතා පත් වී තිබේ. හිටපු සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා හා හිටපු ලේකම් සෙනාල් ප්‍රනාන්දු මහතා මෙවර නාමයෝජනා භාරදී නොමැති අතර,
භාණ්ඩාගාරික තනතුර සඳහා වෛද්‍ය කමල් කොඩිකාර මහතා පත් වී ඇත.එසේම උපසභාපති තනතුරු සඳහා විශේෂඥ වෛද්‍ය චන්දික එපිටකඩුව මහතා හා විශේෂඥ වෛද්‍ය සංජීව තෙන්නකෝන් මහතා තෙත් වී සිටින අතර, සහකාර ලේකම් තනතුරු සඳහා වෛද්‍ය කංචන බුලන්කුලම්, ප්‍රභාත් සුගතදාස, පාලිත රාජපක්ෂ, අජන්තා රාජකරුණා යන මහත්වරුන් පත් වී තිබේ. නව නිලධාරී මණ්ඩලය විසින් මේ වසර තුළදී ජනතාවගේ සෞඛ්‍ය කටයුතු සම්බන්ධයෙන් දස වැදෑරුම් ප්‍රතිපත්තියක් සකස් කිරීම ආරම්භ කර තිබෙන අතර,
මෙම ප්‍රතිපත්තිය මේ මස 15වැනිදා එළිදැක්වීමට හා රජයට භාරදීමට සැලසුම් කර ඇත.මීට අමතරව නව නිලධාරි මණ්ඩලයේ පළමු විධායක කමිටු රැස්වීමත් එදින පැවැත්වීමට සැලසුම් කර තිබෙන අතර, මෙම කමිටුව විසින් ඉදිරි කාලයේ සිදුකරන වැඩපිළිවෙළ පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිත බවද වාර්තා වේ. එසේම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වාර්ෂික සභා රැස්වීම පෙරේදා (11දා) කොළඹ-07 විද්වත් වෘත්තිකයන්ගේ සංගම් ශාලාවේදී පැවැත්වූ අතර, එහිදී මෙම පත් කිරීම සිදුවිය.
0 Comments