රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව විසින් නොමිලේ පැවැත්වූ රාජ්‍ය නිලධාරීන්ගේ රාජ්‍ය භාෂා ප්‍රවීණතා පාඨමාලාව නවතා දමා තිබෙන බවත්, මේ අනුව 2007 වසරෙන් පසු රාජ්‍ය සේවයට එක් වූ පිරිස්වලට ගැටලුකාරී තත්වයක් නිර්මාණය වී තිබෙන බවත් ලංකා ගුරු සංගමය හා සංවර්ධන නිලධාරි සේවා සංගමය සඳහන් කරයි.
නොමිලේ සිදුකළ පාඨමාලාව නතර කර දැමීමෙන් පසු රාජ්‍ය භාෂා ආයතනය විසින් අදාළ පාඨමාලාව රුපියල් දසදහසක මුදලක් අයකර ගනිමින් පැවැත්වීමට කටයුතු කරමින් සිටින බවත්, මෙම ක්‍රියාව නීතිවිරෝධී ක්‍රියාවක් බවත් සංවර්ධන නිලධාරි සේවා සංගමය පවසයි. රාජ්‍ය භාෂා ප්‍රවීණතාව රජ්‍ය නිලධාරින්ට ලබාදීමට තීරණය කරනු ලැබුවේ රජය විසින් බවත්, මේ අනුව අදාළ පාඨමාලාව මේ දක්වා නොමිලේ පැවැත්වූ අතර, මේ නිසා අදාළ පාඨමාලාව තවදුරටත් නොමිලේ පැවැත්විය යුතු බවත් එම සංගමයේ ලේකම් චන්දන සූරියආරච්චි මහතා සඳහන් කළේය.
රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 18/2020 අනුව 2007 වසරෙන් පසු රාජ්‍ය සේවයට රාජ්‍ය නිලධාරින් 2020.10.16 දින සිට වසර 03ක් ඇතුළත දෙවැනි රාජ්‍ය භාෂා ප්‍රවීණතාවට අදාළවී භාෂා පාඨමාලා සම්පුර්ණ කළයුතු බවද ලංකා ගුරු සංගමය පවසයි. එසේ නොවන්නේ නම්, රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වර්ධක හා උසස්වීම් අහිමි වන බවත්, රාජ්‍ය සේවය පවත්වාගෙන යාමට අදාළව සපුරාලිය යුතු සුදුසුකමක් වන භාෂා ප්‍රවීණතාව රජය මැදිහත් වී නොමිලේ ලබාදිය යුතු බවත් එම සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් මහතා සඳහන් කළේය.
රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව විසින් අදාළ පාඨමාලාව පැවැත්වීම නතර කිරීම නිසා භාෂා ප්‍රවීණතාව සැපිරිය යුතු දිනට රාජ්‍ය සේවකයන්ට අදාළ කටයුත්ත සිදුකිර්මට නොහැකි වන බවද ඒ මහතා පවසා සිටියේය. මේ නිසා පවතින තත්වය පිළිබඳ අවධානය යොමුකර භාෂා ප්‍රවීණතාව සම්පුර්ණ කිරීම සඳහා රාජ්‍ය සේවකයන්ට ලබාදී ඇති කාලය පැමිණෙන දීර්ඝ කිරීමට කටයුතු කරන ලෙස රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යවරයාගෙන් හා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් ලිඛිතව ඉල්ලා සිටින බවද ලේකම්වරයා පැවසීය.
0 Comments