පෝලිම්වල ජනතාව මිය යාම වළක්වා ගන්න කල්පනා කරනවා වෙනුවට ආණ්ඩුව කරන්නේ ඒ ජීවිත රැකගැනීම වෙනුවෙන් අරගල කරන ජනතාව මර්දනය කිරීම යැයි ප්රගතිශීලී ස්ත්‍රී එකමුතුවේ විධායක සභික, ජාතික ජනබලවේගයේ පර්ලිමේනතු මන්ත්‍රිනී ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ඊයේ (20) පැවසුවාය. පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී අමරසූරිය මහත්මිය මෙසේද පැවසුවාය.
මේ වෙනකොටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් කණ්ඩායමක් ඇවිත් අගමැති එක්ක සාකච්ඡා කරනවා. ඒත් මේ සියලු ගැටලු අවසානයේ බලපාන්නේ රටේ පුරවැසියන්ටයි කිසිම දෙයක් නොදන්නා ඔවුන්ගේ දරුවන්ටයි. පාලකයන්ට ඒ ගැන කිසිම ගාණක් නැහැ.
මේ තත්වය බලපාන්නේ වර්තමානයට වඩා අනාගතයටයි. අධ්‍යාපන ක්‍රියාවලිය පසුගිය අවුරුදු දෙකහමාර තුළම අඩුවෙලා තිබෙන්නේ. කාලයක් කෝවිඩ් නිසා අවුල් වුණා. දැන් ආර්ථික අර්බුදය නිසා අවුල් වෙලා. ඒත් විභාග ක්‍රමය එහෙමම ගෙනයනවා. ආණ්ඩුව කියන්නේ ඔන්ලයින් ක්‍රමයට අධ්‍යාපනය දුන් බවයි. ඒත් කෝපා කමිටුවේ පවා හෙළිවුණේ එය අසාර්ථක බවයි. මේ තත්වය තුළ අධ්‍යාපනය පවත්වාගෙන යන්නේ කොහොමද කියලා ආණ්ඩුවට කිසිම හැඟීමක් නැහැ. එහෙත් දරුවන්ගේ අධ්‍යාපනය අහිමි වෙන්නේ අහම්බෙන් හෝ ස්වාභාවික හේතු නිසා නොවන බව ජනතාව තේරුම් ගත යුතුයි. පවතින තත්ත්වය හමුවේ දරුවන්ගේ මානසික සෞඛ්‍ය විශාල වශයෙන් බිඳවැටී තිබෙනවා. ඔවුන් රැකබලා ගන්නා මවුපියන්ගේ ජීවිත ඊටත් වඩා ඇද වැටිලා.
මේ නිසා සියදිවි නසා ගැනීම්, තමන්ට තමන්ව එපාවීම වැඩිවෙමින් තිබෙනවා. මේවා දත්ත විතරක් නොවෙයි. මිනිස් ජීවිත. මිනිස් ජීවිත රැකගන්න යොමුකරන අවධානයට වඩා ආණ්ඩුව යොමු කරන්නේ පුරවැසියන්ට එරෙහිව මදනය යොදවන්නයි. ආර්ථික අර්බුදය මැද්දෙත් මර්දනය වෙනුවෙන් යොදවන්න මුදල් ආණ්ඩුවට තිබෙනවා. රනිල් වික්‍රමසිංහ මේ සියලු තත්ත්වයන් දැනගෙන තනතුර බාරගත්තා නම්, ඒ වගකීම් ඉටුකරන්න කියලා අපි බලකරනවා. පුරවැසියන් නිහඬ කරන්නේ ආණ්ඩුව දියත් කරන මර්දනය නොතකා අපි සංවිධානය විය යුතුයි.
0 Comments