hirunika-president-house

කොළඹ කොටුව මුදලිගේ මාවත ආසන්නයේදී උණුසුම් තත්ත්වයක් ඇතිවී තිබේ. තමන් මුදලිගේ මාවතේ ගමන් කිරීමට උත්සාහ කිරීමත් සමඟ පොලීසිය විසින් බාධක යොදා මාර්ගය අවහිර කළ බවට චෝදනා කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර එම ස්ථානයේ විරෝධයක් ආරම්භ කර තිබේ.
මෙලෙස මාර්ග අවහිර කිරීමට කිසිඳු අවසරයක් පොලීසියට නොමැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය වැඩිදුරටත් සඳහන් කරයි.
ජනපති මන්දිරය දෙසට හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය හා තවත් දෙදෙනෙක් පිවිසීම වැළැක්වීම වෙනුවෙන් පොලීසිය ජනපති මන්දිරයට පිවිසෙන මෙම මාර්ගය විශාල යකඩ බාධක යොදමින් පිරිසක් නතර කරන ආකාරයට වසා දමන්නට උත්සාහ කර තිබුණි.
ඒ අසළ සිට හිරුණිකා කියා සිටියේ තිදෙනෙකු පාරේ යාමට උත්සාහ කිරීමේදී මේ ආකාර මාර්ගබාධක දැමීම විහිලුවක් බවයි.